අධික වියළි කාලගුණයෙන් ප්‍රධාන ජලාශ වල ජල මට්ටම පහතට

Published in පුවත්
Thursday, 27 February 2025 09:54

මේ දිනවල පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍රයන්හි ජල මට්ටම් සීග්‍රයෙන් පහළ බැසයාම හේතුවෙන්,දෛනික විදුලි උත්පාදනයේදී සූර්ය පැනල සහ තාප විදුලි බලාගාරවලට මූලිකත්වය ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු යොදා තිබේ.

පානීය ජලය සපයා ගන්නා ජල මූලාශ්‍රයන්හි ජල මට්ටම් සීග්‍රයෙන් පහත බසිමින් පවතින බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. අධික වියළි කාලගුණික තත්ත්වය සමග ජල පාරිභෝජනයද ඉහළ මට්ටමක පවතින බව එම මණ්ඩලය කියයි.

එමෙන්ම,උස් බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන්ට ජලය බෙදා හැරීමේදී අඩු පීඩන තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටී. වාහන සේදීම, ගෙවතු වගාව ආදී කටයුතු සඳහා ජලය යොදා ගැනීම අවම කරන ලෙසත්, අත්‍යවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් ජලය යොදා ගන්නා ලෙසත් එම මණ්ඩලය මහජනතාවට දැනුම් දෙයි.

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවා කාලයේදී සියයට 20 ක ජල විදුලි ධාරිතාවක් නිෂ්පාදනය කරන බවත්,සූර්ය පැනල ඔස්සේ වැඩි විදුලි ධාරිතාවක් නිෂ්පාදනය කෙරෙන බවත් ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

එමෙන්ම, විදුලි ඉල්ලුම ඉහළ අවස්ථාවන්හිදී තාප සහ දැවිතෙල් බලාගාරවලින් විදුලිය නිෂ්පාදනය කෙරෙන බවද එම මණ්ඩලය කියයි. නොරොච්චෝලේ “ලක් විජය’’ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනෙන්ම මෙගාවොට් 900 ක විදුලි ධාරිතාවක් නිෂ්පාදනය කෙරෙන බවත්,කැලණිතිස්ස නැප්තා බලාගාරය සහ සපුගස්කන්ද දැවි තෙල් බලාගාරය ක්‍රියාත්මක බවත් ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73 හි සමස්ත ජල ධාරිතාව සියයට 85.7 ක මට්ටමක පවතින බවය.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us