පෑලියගොඩ මාළු මාර්කට් එකේ කැට අයිස් ජාවාරමක් හේතුවෙන් මාළු මිළ ඉහළට

Published in පුවත්
Friday, 28 February 2025 09:26

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය තොග වෙළෙඳ සංකීර්ණයේ සිදුවන කැට අයිස් බෙදාහැරීමේ ජාවාරමක් හේතුවෙන් මත්ස්‍ය මිල ගණන් ද ඉහළ ගොස් තිබේ.

ඒ රුපියල් පන්සියයකට අලෙවි වන කිලෝග්‍රෑම් පනහක කැට අයිස් බෑගයක් තැරව්කරුවන් හයදෙනකු විසින් රුපියල් 700, 800,900 වැනි මිල ගණන්වලට අලෙවි කිරීම මත යැයි මත්ස්‍ය ව්‍යාපාරිකයෝ චෝදනා කරති.

මෙම වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන් සඳහා දෛනිකව කැට අයිස් කිලෝග්‍රෑම් 3000 ක අවශ්‍යතාවක් පැවැතීමත් මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කැට අයිස් යන්ත්‍රාගාරයක් නොමැතිවීමත් මත පෞද්ගලික සමාගම් දෙකකට කැට අයිස් සැපයීමේ ටෙන්ඩරයක් ධීවර අමාත්‍යාංශය විසින් ලබාදී ඇත.

අධිකරණ නියෝග මත මේ වනවිට එක් සමාගමකට කැට අයිස් සැපයීම නවතා තිබෙන අතර අනෙක් සමාගම පමණක් කැට අයිස් සැපයීම සිදු කරනු ලබයි.

ටෙන්ඩරයට අනුව අයිස් කිලෝග්‍රෑම් 50 ක් ලොරියෙන්ම මිලදී ගැනීමේදී රුපියල් පන්සියයකටත් වෙළෙඳ සංකීර්ණයේ ඇති වෙළෙඳසලටම ප්‍රවාහනය කරදීමට රුපියල් හයසිය පනහක් ද අය කෙරේ.‍

ටෙන්ඩරය ලබාගත් සමාගම නිවැරැදි මිල ගණන් යටතේ අයිස් අලෙවිය සිදු කළත් අතරමැදි තැරව්කරුවන් හය දෙනා කැට අයිස් කිලෝවක් සඳහා රුපියල් හත්සියයක් අටසියයක් නවසියයක් වැනි මිල ගණන් අයකරමින් ලාභයක් උපයාගන්නා බවද එම ව්‍යාපාරිකයෝ චෝදනා කරති.

මෙය මාෆියාවක් ලෙස සිදුවන බවත් එක්තරා හස්තයක් විසින් මෙම කණ්ඩායම මෙහෙයවමින් මෙම ජාවාරම් සිදුකරවන බවත් මේ හේතුවෙන් මත්ස්‍ය ව්‍යාපාරිකයන් අයිස්වලට වූ අලාභය පියවා ගැනීම සඳහා වැඩි මිලට මත්ස්‍යන් අලෙවි කරන බවට ධීවර අමාත්‍යාංශයටද පැමිණිලි ලැබී ඇත. මේ සම්බන්ධයෙන් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය තොග වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයටද තොරතුරු ලැබී ඇති අතර එම සංගමය ධීවර අමාත්‍යාංශයටද මේ පිළිබඳ පැමිණිලි කර ඇත.

එම සංගමයේ ලේකම් ජයන්ත කුරේ සඳහන් කළේ මේ ගැන ඊයේ (27 වැනිදා) ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් තම සංගමයට සාකච්ඡාවක් ලබාදී තිබුණද අමාත්‍යාංශ ලේකම්වරයා හදිසි විදේශ සංචාරයක නිරතවීම මත ලබන (06 වැනිදා) සාකච්ඡාව සඳහා දිනයක් ලබාදුන් බවය.

මේ සම්බන්ධයෙන් ධීවර ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර්ගෙන් අරුණ කළ විමසුමකදී කියා සිටියේ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ඇතැම් වංචනික හා අක්‍රමිකතා හඳුනාගෙන තිබෙන බවත් එවන් ක්‍රියාවන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us