ජනප්‍රිය නිළියක් සහ නිරූපිකාවක් වන පියුමි හංසමාලි සතු ‘ලෝලියා ස්කින්’ සමාගම විසින් දිවයින පුරා බෙදාහරින ලද රූපලාවන්‍ය ක්‍රීම්වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් ලබාගන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කළේය.

හෙන්ලි විදේශ ගමන්බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රය ස්ථානයක් පහළට ගොස් ලොව 98වන ස්ථානයට පත්ව ඇත.

අදත් මහා වරුසා

Published in පුවත්
Thursday, 16 October 2025 06:59

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 1න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අස්වැසුම පළමු අදියර ප්‍රතිලාභීන්ගේ ඔක්තෝම්බර් මස ප්‍රතිලාභී දීමනාව හෙට (15) එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල්වල සිසුන්ට ද රජයේ පාසල්වල හයවැනි ශ්‍රේණියට ඇතුළත් වීමේ අවස්ථාව ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

රජයේ රෝහල්, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පොලිසිය, ත්‍රිවිධ හමුදාව ආදී රාජ්‍ය ආයතනයන් සඳහා ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනය කර ගැනීමේදී දුඹුරු සීනි පමණක් සපයා ගැනීම අනිවාර්ය කර ඇත.

අන්තර් නිවර්තන අභිසාරී කලාපය සහ දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පුද්ගලික බස්රථ හිමිකරුවෙකු කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් කොට්ටාව පොලිසියේ නිලධාරීන් 06 දෙනෙකු එම පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) තීන්දු කර තිබේ.

ld add copy

Connet With Us