2014 දී ජාතික නිදහස් පෙරමුණු දෙවැනි මහ සමුළුවේදී එළි දැක්වු ‘පංචායුධය‘ නම් පුවත්පතෙන් තමාට අපාහසයක් කැර ඇතැයි පවසමින් කඩුවෙල නගරාධිපති ජි එච් බුද්ධදාස මහතා  ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතාට හා එම පක්ෂයේ ලේකම් ප්‍රියන්ජුත් විතාරණට එරෙහිව රුපියල් කෝටි පහක් වන්දියක් ඉල්ලා කොළඹ  දිසා අධිකරණයේදී  අද (04) ගොනු කළේය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ දෙහිවල නැදිමාල බෝධිරාජ මාවතේ නිවස ඉදිරිපිට බෝම්බයක් ඇතැයි ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් එහි ගොස් ඇත.

තමා ජනාධිපති තනතුරට පත්වූ පසු අලූතිත් පිහිටුවන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය නම් කරන්නේ තමා බව විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා ඇත.

පොලිසිය ආයතනයක් ලෙස කෙතරම් දේශපාලනීකරණය වී ඇත් ද කියතොත් වර්තමානයේ එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් එක් අනුබද්ධ සංවිධානයක් නොඑසේ නම් ශාඛා සමිතියක් බවට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි. 

සම්මාන ලාභි ඉන්දිය නිළි ස්වේතා බාසු ගණිකා වෘත්තියේ යෙදී සිටියදී අත් අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වෙයි.

කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ 03 වැනි දිනය (04) අදයි. 

පසුගිය කාලයේ උතුරු නැගෙනහිර පැවති යුධ ගැටුම් හේතුවෙන් ආබාධිත තත්වයනට පත්ව සේවයෙන් විශ්‍රාම ගන්වන ලද යුධ හමුදා සාමාජිකයින්ට ද  තම සමකාලීනයනට සමගාමීව නිල උසස්වීම් ලබාදීමට ආරක්ෂක හමුදාව විසින් කටයුතු සූදානම් කර ඇති බව ඊයේ  ( 03)  කොළඹ මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා අනාවරණය කර සිටියේය.

'රණවිරු රියැලටි ගී ප්‍රසංගයේ අවසන් හත් දෙනා අතර සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් තිළිණ චන්ද්‍රකුමාරට වටිනා මෝටර් රථයක් ලබාදීමට  ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදාව ඊයේ (03) කටයුතු කළේය.

ld add copy

Connet With Us