එම සංගමයේ ප්‍රධාන ලේකම් උපාලි රත්නායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්ය.
එකී නිවේදනයේ මෙසේ සඳහන්ය.
ජල සම්පාදන මණ්ඩලයේ ශ්‍රම කොන්ත්‍රාත් සේවකයින් (MAN POWER) මණ්ඩලයීය සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙසට කළ ඉල්ලීම්වලට නිසි සවන්දිමක් අදාළ බලධාරීන්ගෙන් මෙතෙක් සිදුවී නොමැති බැවින් උද්ඝෝෂණික ක්‍රියාමාර්ග තීව්ර කිරිමට අප තීරණය කර ඇත්තෙමු.
ඒ අනුව 2014/12/17 වන දින පෙ.ව. 10.00 සිට දවස පුරා නිසි විසඳුමක් ලැබෙන තෙක් බත්තරමුල්ල පැලවත්ත පිහිටි ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යාංශය ඉදිරිපිට දී එක්දින සත්යග්රහ ව්‍යාපාරයක යෙදීමට අපේක්ෂා කරමු.