මහින්දට දැන් කියන්න දේවලුත් නෑ.තාම කියන්නේ පරණ කතා

Published in පුවත්
Wednesday, 17 December 2014 12:09

වසර හතරකට පෙර කළ කතා ප‍්‍රචාරණයට යොදාගැනීමට තරම් ජනාධිපතිවරයා බංකොලොත්ව ඇතැයි පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (16) මාවනැල්ල පැවති ජන රැළිය අමතමිනි.

වැඩිදුටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ ජනතා මුදල් වලින් කටවුට් ගසමින් අනිසි ආකාරයෙන් පොලීසිය හා හමුදාව යොදා ගනිමින් වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු ක‍්‍රියාත්මක කරන බවයි.

නීති ගරුක රාජ්‍ය නායකයෙක් ලෙස පෙනී සිටින වත්මන් ජනාධිපතිවරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට, මැතිවරණ කොමසාරිස්ට හෝ නීතියට අවනත නොවන බව සනාථ වී තිබේ. නීතිය රැකීමට ද සහයෝගය ලබා නොදෙමින් ජනාධිපතිවරයා ක‍්‍රියාකරන බව පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

මීට වසර 4 කට පෙර සිදුකළ කතා විකෘති කරමින් රාජ්‍ය මාධ්‍ය ආයතන වලින් ප‍්‍රචාරය කරන බව පොදු අපේක්‍ෂක සිරිසේන මහතා පෙන්වා දෙයි. එතරම් ඔවුන්ගේ දේශපාලනය බංකොලොත් වී ඇත. ජනතාවගේ අවශ්‍යතා අමතක කරමින් ජෝතීෂ්‍යඥයින් සමීපකර ගැනීමෙන්ම දේශපාලන ව්‍යාපාරය තුළ ඔවුන්ගේ මානසික බිඳ වැටීම පිළිබිඹුවන බව ඔහු කියා සිටියි.

දිනකට විශාල මුදල් වැයකරමින් ජනපති පවුල් නඩත්තු වන විට, බහුතර ජනතාවක් කුසගින්නෙන් සිටින බව ජනාධිපතිවරයාට අමතක ව ඇත. නව ජාතික ආණ්ඩුවකට ප‍්‍රමුඛත්වය ලබා දෙමින් මෛත‍්‍රී පාලනයක් ඇතිකරන්නේ ප‍්‍රථමයෙන් ජනතාවගේ කුසගින්න නැතිකර ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට බව මෛත‍්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

අද වන විට රාජ්‍ය අමාත්‍යාංශ 63 කට වෙන්වන රාජ්‍ය භාණ්ඩාගාර මුදල් වලින් සියයට හැටක් වෙන්වන්නේ මුදල් අමාත්‍යාංශය රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයට හා බැසිල් රාජපක්‍ෂ මහතාගේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ තුනට බව සිරිසේන මහතා පෙන්වා දෙයි. අදවන විටත් කැබිනට් ඇමතිවරුන් 63 ක් හා නියෝජ්‍ය ඇමතිවරුන් 57 දෙනෙකුට විශාල මුදලක් වැය කරමින් සිටින බවත් ජනවාරි 8 වැනි දායින් පසු ඇමතිවරුන් 30 දෙනෙකුට අඩු අමාත්‍ය මණ්ඩලයක් නිර්මාණය කරන බවත් ඔහු සඳහන් කරයි.

විදේශ කුමන්ත‍්‍රණවලට හසුවී සිටින බව විවිධ අය ප‍්‍රචාරය කළත් 2005 උතුරේ ඡන්ද වර්ජනය කිරීම සඳහා රුපියල් කෝටි 50 ක් ලබාදීමේ සිට ඍජුව හා වක‍්‍රව දෙමළ ඩයස්පෝරාව සමග කටයුතු කර තිබෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා බව ඔහු පෙන්වා දෙයි.

2010 සිට මහින්ද රාජපක්‍ෂ ඒකාධිපති ගමනක් යමින් එක පවුලක් විසින් මුලු රාජ්‍යම පාලනය කරමින් මුළු මහත් ජනතාවගේම නිදහස හා අයිතිවාසිකම් අහිමි කර ඇති බව පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. 2011 සිට මීට විරුද්ධව තමා ආණ්ඩුව තුළම නැගී සිටියද මහින්ද රාජපක්‍ෂ මහතා ආණ්ඩුවේ වංචා පරීක්ෂණ ගැන හෙළිකරන විට ඊට අවකාශය ලබා නොදුන් බව හෙතෙම අවධාරණය කළේය.

IMG 0159

IMG 0200

IMG 0226

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us