ඉන්දීය අත්අඩංගුවේ සිටින ලාංකික ධීවරයින් 30කට නිදහස

Published in පුවත්
Wednesday, 17 December 2014 12:29

ඉන්දීය අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික ධීවරයින් 30 දෙනෙකු නිදහස් කිරීමට තමිල්නාඩු රජය එකඟතාව පළ කර තිබේ.

ඒ අනූව එම ධීවරයින් ලබන 22 වනදා නිදහස් කිරීමට නියමිත බව වාර්තා වේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දීය බලධාරීන් බාරයේ තිබෙන ධීවර යාත්‍රා 19ක් ද එදින නිදහස් කිරීමට නියමිත බවය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමුකරමින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ඕ.පන්නීර්සෙල්වම් ප්‍රකාශ කර ඇත්තේ මානූෂීය හේතූන් මත සහ එළඹෙන නත්තල් උත්සවය නිමිත්තෙන් එම ධීවරයින් පිරිස නිදහස් කිරීමට තීරණය කළ බවයි.

ඉන්දීය විදේශ අමාත්‍යාංශ ලේකම් සූජාතා සිං තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන ලේකම් කේ.ඥානදේසිකන් වෙත යොමුකළ ලිපියක් සැලකිල්ලට ගනිමින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us