බද්දේගම වේදිකාවට ගිණි,ගල්නෑවේ අහසට වෙඩි-කැෆේ

Published in පුවත්
Wednesday, 17 December 2014 12:38

අනුරාධපුර ගල්නෑවේ වෙඩි තැබීමක්. වාහන 5 කට අලාභ.

අනුරාධපුර ගල්නෑව මහවත්තේගම කලංකුට්ටිය හි පිහිටි නිවසක විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ට සහය පල කිරීම සඳහා පැවති රැස්වීමක් කඩා වැදුණු පිරිසක් අහසට වෙඩි තබා වාහන කිහිපයකට අලාභ කොට ඇත.

ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ මැතිවරණ ව්‍යාපාරය පිළිබද සාකච්ඡා කිරීමට උතුරු මැද පළාත් සභා මනත්‍රී ප්‍රසන්න චන්ද්‍රරත්න සහ රෝහණ බණ්ඩාර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැළිය පවත්වා ඇත. රැස්වීම නිම වීමත් සමගම එම ස්ථානයට ඩිෆෙන්ඩර් රථ 2 කින් සහ කැබ් රථ දෙකිකන් පැමිණි ගල්නෑව ප්‍රාදේශී සභාවේ සභාපති ඩබ්.එම්.චන්ද්‍රතිලක මහතා ඇතුළු පිරිසක් අහසට වෙඩි තැබූ බව එහි සිටි පිරිස් කැෆේ සංවිධානයට පවසා ඇත.

එම ස්ථායේ තිබී ටී පනස් හය ගිණි අවිය සදහා භාවිත කරන භාවිත කරන ලද උණ්ඩ 4 ක් හමු වී ඇත. ප්‍රහාරයෙන් මෝටර් බයිසිකල් 4 ක් හා ට්‍රක් රථයකට ද හානි සිදුව ඇත. මේ පිළිබද පොලිස් පැමිණිල්ල ඉදිරිපත් කළ ජේ.ඒ.අජිත් ප්‍රේමකුමාර මහතා ප්‍රභල එජනිස ආධාරකරුවෙකු වූ අතර මේ වන විට මෛත්‍රීපාල මහතා ට සහාය පළ කර සිටින අයෙකි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අයත් ආරක්ෂ රථ දෙකක් ප්‍රහාරයට පැමිණි වාහන අතර තිබූ බව ද ප්‍රහාරය ඇසින් දුටු අය පවසති.

ගාල්ලේ වදුරඹ මෛත්‍රී රැළියේ වේදිකාව ගිණි තබයි. ශබ්ද වාහනී රැගෙන ආ රථයටත් ගිණි තියයි.


ගාල්ල බද්දේගම බදුරඹ මැතිවරණ කොට්ඨාශයේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වන රැළියක් සදහා වදුරඹ දී පැවැත්වීමට නියමිත රැස්වීමක් සදහා සකස් කළ වේදිකාවට දෙසැ. 17 අලුයම 6.05 ට පමණ ගිණි තබා ඇත.


ප්‍රහාරය එල්ල කොට ඇත්තේ දිස්ත්‍රික්කයේ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් ප්‍රකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බව රැස්වීම සංවිධානය කළ පිරිස් පවසති. ප්‍රහාරකයින් අංක 48-7143 දරණ ඉසූසු වර්ගයේ ලොරිය ගිණි තබා විශාන කොට ඇත. එම ලොරියේ තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර, බෆල් සහ විද්‍යුත් සන්නිවේදන උපකරණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. භාණ්ඩ රැගෙන ආ පිරිසෙන් තිදෙනෙකු මේ දක්වා (පෙ.ව. 9.30) අතුරුදන්ව ඇත.


ප්‍රහාරය විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් වදුරඹ බස් නැවතුම අසලින් පාර හරස් කොට උද්ඝෝෂණයක් ද පවත්වා ඇත.

හඹරාදූව අහංගම රැළියට සකස් කළ සැරසිලි විනාශ කරයි.


හඹරාදූරව ඡන්ද කොට්ඨාශයේ අහංගම බස් නැවතුම්පොල දෙසැ. 17 සවස 4 ට පොලීසිය විසින් ශබ්ද විකාශන බලපත් ලබා දී තිබුණි. එසේ තිබිය දී දෙසැ. 16 රාත්‍රී පැමිණි කණ්ඩායමක් එහි තිබූ කොඩි වැල් කපා ඉවත් කොට ඇත. අහංගම පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මෙහෙයවූ පොලිස් කණ්ඩායමක් ගිණි අවි ද සමග පැමිණ සැරසිලි කළ කණ්ඩායමට තර්ජනය කළ බව හිටපු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතා කැෆේ සංවිධානය වෙත යොමු කළ පැමිණිල්ලේ දැක්වේ.


මෙම ප්‍රහාරයන් ට පෙර දෙසැ. 16 සවස 6 වන විට කැෆේ සංවිධානය වෙත ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 303 ක් මේ දක්වා වාර්තා වී ඇත. එයින් පැමිණිලි 33 ක් බරපතල ආකාරයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාය. මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් පිළිබද පැමිණිලි 270 කි.

01

08-2

crowd

 

Last modified on Wednesday, 17 December 2014 12:40

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us