මෑන් පවර් සේවකයින් ස්ථීර කරන්න

Published in පුවත්
Wednesday, 17 December 2014 12:56

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කරන 4800 ක් පමණ වන මෑන් පවර් සේවකයින් ස්ථීර කරන ලෙස ඉල්ලා ලංකා විදුලි සේවක සංගමය විසින් විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර ඇත.

දෙසැ. 01 දින සිට විදුලිබල මණ්ඩලයේ මෑන් පවර් සේවකයින් ස්ථීර කරන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරිය නොවැ. 22 වන දින ප‍්‍රකාශයක් කළද එය මෙතෙක් ඉටුවී නොමැත.

එහෙයින් ඊට විරෝධය පලකරමින් දිවයින පුරා ලංකා විදුලි බලමණ්ඩලයේ සේවය කරන 4800 ක් පමණ වන මෑන් පවර් සේවකයින් හා ඔවුන්ගේ දෙමව්පියන් ලංකා විදුලි බල මණ්ඩල මුලස්ථානය ඉදිරිපිට හා අමාත්‍යාංශය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වීමට තීරණය කර තිබුණි.

ඒ අනුව එම විරෝධතා උද්ඝෝෂණය අද(17) පෙ.ව. 10.00 ට කොළඹ ලංකා විදුලි බල මණ්ඩල මුලස්ථානය කාර්යාලය ඉදිරිපිටදී ආරම්භ විය. ඒ හේතුවෙන් කොම්පඤ්ඤවීදිය ආශ්‍රිත දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us