ලංකාව මෙවරත් සෙක්ස් සොයා ඉදිරියට

Published in පුවත්
Wednesday, 17 December 2014 10:17

මේ වසරේ දීද වැඩිම වාර ගණනක් ගූගල් වෙබ් අඩවිය ඔස්සේ ලිංගිකත්වය හෙවත් සෙක්ස් යන වචනය යොදා ගනිමින් සෙවුම් සිදුකළ රට බවට ශ‍්‍රී ලංකාව පත්ව ඇත.

2013 වසරේ දීද වැඩිම වාර ගණනක් ගූගල් වෙබ් අඩවිය ඔස්සේ ලිංගිකත්වය හෙවත් සෙක්ස් යන වචනය යොදා ගනිමින් සෙවුම් සිදුකළ රට බවට ශ‍්‍රී ලංකාව පත්වුණි.

ගූගල් වෙබ් අඩවිය වාර්ෂිකව නිකුත් කරන සිය සෙවුම් දත්ත ලැයිස්තුවේ මේ බව සඳහන්වේ. එම ලැයිස්තුවට අනුව ශ‍්‍රී ලංකාවට සියයට සියයක ප‍්‍රතිශතයක් හිමිව තිබේ. සෙක්ස් යන වචනය ගූගල් ඔස්සේ වැඩිම වාර ගණනක් සොයා ඇත්තේ බස්නාහිර පළාතෙනි. එහි ප‍්‍රතිශතය ද සියයට සියයක් ලෙස ගූගල් වෙබ් අඩවියේ දැක්වේ. දෙවැනි ස්ථානයේ පසුවන්නේ මධ්‍යම පළාතයි.

එහි ප‍්‍රතිශතය සියයට 39කි. සෙක්ස් යන වචනය සෙවු වැඩිම වාර ගණනක් සෙවු පුද්ගලයින් සිටින නගරය හෝමාගම ලෙස නම්කර ඇත. වැඩිම පිරිසක් සෙක්ස් යන වචනය යොදා ගනිමින් සෙවුම් සිදුකර ඇත්තේ අපේ‍්‍රල් මස 13 වැනිදා සිට 19 වැනිදා දක්වා කාලය තුළ බව ගූගල් වෙබ් අඩවියෙහි දැක්වේ.

නවතම වාර්තාවට අනුව සෙක්ස් යන වචනය යෙදො වැඩිම වාර ගණනක් සෙවුම් සිදුකළ රටවල් අතර දෙවැනි ස්ථානය ඉන්දියාවට හිමි ඇති අතර තුන්වැනි ස්ථානයට පසුවන්නේ බංග්ලාදේශයයි. නගර සැලකීමේ දී ප‍්‍රථම ස්ථානය චෙන්නායි නුවරටත් දෙවැනි ස්ථානය පුනේ නුවරටත් හිමිව ඇත. ශ‍්‍රී ලංකාවේ හෝමාගම නගරය එම ලැයිස්තුවේ නම් කර ඇත්තේ සිව්වැනි ස්ථානයටය.

Last modified on Wednesday, 17 December 2014 10:24

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us