පුරවැසි බලය විසින් කොළඹ ජාතික පුස්ථකාල ශ්‍රවණාගාරයේ ඊයේ පස්වරුවේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔවුහු මේ බව පැවසූහ.
මහචාර්ය සරත් විජේසූරිය, බෙනට් රත්නායක, පරාක්‍රම නිරිඇල්ල, ගාමිණි වියන්ගොඩ, ධර්මසිරි බණ්ඩාරනායක, ප්‍රසන්න විතානගේ, දිල්හානි ඒකනායක, එම්.පී මහින්දපාල, දීපානි සිල්වා දමයන්ති ෆොන්සේකා, රජිව් සෙබස්තියන්, ජගත් මනුවර්ණ, සමනලි ෆොන්සේකා ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.
පොලීසියේ හා අධිකරණයේ ස්වාධීනත්වය මේවන විට නැතිවී ඇති බව මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන බෙනට් රත්නායක මහතා පැවසීය.
වත්මන් පාලනය සමාජයේ භීතිකාවක් ගෙනයන බවත්, මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණයට පුරවැසියන්ගේ පිබිදීමක් ඇති බවත්, මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මහචාර්ය සරත් විජේසූරිය මහතා කියා සිටියේය.
එසේම වරදාන ලබාදී ඇතැමුන් ළඟට ගන්නා බවත්, ආණ්ඩුව ජනමාධ්‍ය උපයෝගි කරගෙන ජනවිඥාණය වෙනස් කරන බවත්, ඔහු වැඩිදුරටත් පැවසීය.
ඡායාරූප-නිශාන්ත ප්‍රියදර්ශන