ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද වැඩ මුළුවකට සහභාගී වීම පිණිස යාපනයේ සිට කොළඹ බලා ගමන් ගනිමින් සිටි මාධ්‍යවේදීන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ප්‍රවෘත්ති සාකච්ඡාවක් සංවිධානය කිරීම හේතුවෙන් තමන්ට දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල වූ බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර මහතා පවසයි.

මාතලේ රෝහලේ දැඩි සත්කාර ඒකකයට රෝගීන් ඇතුළත් කරගැනීම තාවකාලිකව නතර කර තිබේ.

විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරිය කළ සමීක්ෂණයක් මඟින් ලිංගික උත්තේජනය සඳහා භාවිත කරන ඖෂධයක් රට පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව අනාවරණය වී ඇත.

දකුණු කලාපයට බලපා ඇති නියං තත්වය හේතුවෙන් යාල වනෝද්‍යානයේ වන සතුන්ට බීමට අවශ්‍ය ජලය සැපයීමට යොදවා තිබූ බවුසරය මේ වන විට වෙනත් කටයුතු සඳහා යොදාගෙන ඇති බව පරිසර සංරක්ෂණ භාරය පවසයි.

සමාජවාදී තරුණ සංගමය විසින් ප්‍රකාශයට පත්කර ඇති සහෝදරත්වයේ දිනය නිමිත්තෙන් සංවිධානය කරන ලද ''සහෝදරත්වයේ සිත්තම'' චිත්‍ර කඳවුර ඊයේ (26) දවස පුරා කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී පැවැත්විණ.

අතුරුදන් වුවන් පිළිබඳ සොයා බැලීම සඳහා පත්කර ඇති ජනාධිපති කොමිසමට සාක්‍ෂි ලබාදෙන පුද්ගලයින් සඳහා බලපෑම් කරන බවට අමෙරිකාව නගා ඇති චෝදනා සාවද්‍ය බව යුධහමුදාව පවසයි. 


ඊයේ(27) දහවල් සිදුව ඇති හදිසි අනතුරක් හේතුවෙන් ජනප්‍රිය වේදිකා හා රුපවාහිනි නළු රිචඩ් මානමුදලි මේ වන විට කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

ඩිපෝ 104 කින් 80% කම සේවය කරන සේවකයන්ට ගෙවී ගිය මාස දෙකක සම්පූර්ණ වැටුප ලැබී නොමැති බවත්, ගම්පහ ඩිපෝවේ සේවකයන්ට මාස හතරක සම්පූර්ණ වැටුප ලැබී නොමැති බවත්, සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය සදහන් කරයි.

ld add copy

Latest News

නිවාස මූල්‍යාධාර හිමිවන පිරිස මෙන්න

නිවාස මූල්‍යාධාර හිමිවන පිරිස මෙන්න

ආයතනගතව සිට සමාජගත වන තරුණ තරුණියන්ට නිවාස පහසුකම් සපයාගැනීම සඳහා මූල්‍යාධාර ලබා දීමේ වැඩසටහනට අමාත්...

Connet With Us