තම පක්ෂය තීන්දු ගන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ මතයට ගරු කරමින් බවත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට තනිව ආණ්ඩුවක් කරගෙන යෑමට හැකි වුවද සහෝදර පක්ෂ හෑල්ලූ නොකරන බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ආගමික අන්තවාදී සංවිධානවලින් කලාකරු හා මාධ්‍යවේදී  සිරිමල් විජේසිංහ මහතාට දිගින් දිගටම තර්ජන එල්ලවන වන බව ඒ මහතා පවසයි. ලංකාවේ පිරිසිදු බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම උදෙසා ඔහු විසින් නිර්මාණය කිරීමට නියමිතව ඇති "Cult Monk" වාර්තා චිත්‍රපටයට එරෙහිව මෙලෙස තර්ජන එල්ල වේ. 

සමාජ ක්‍රියාකාරීත්වයක නිරතවන අයගේ Facebook ගිණුම් අක්‍රීය කිරීමේ හා එමගිණුම්වලට මඩ ප්‍රහාර එල්ල කිරීමේ අරමුණින් Facebookජාලයට වෛරසයක් නිකුත්කර ඇතැයි වාර්තා වේ. 

පසුගිය දකුණු පළාත් සභා මැතිවරණයේදී එජාපය යටතේ මාතර දිස්ත්‍රීක්කයෙන් තරඟ කල ජනප්‍රිය නිලි නදීෂා හේමමාලි ට  අම්බලන්ගොඩ ආසනයේ සම සංවිධායක ධුරය බාර ගන්නැයි එජාප නායකත්වය විසින් ආරාධනා කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ. 

දිගින් දිගටම දුරකථනය හරහා තමාට මරණ තර්ජන එල්ල වන බව සඳහන් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා අද (30දා) පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ. 

ඕමාන තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ සිටියදී බලහත්කාරයෙන් ගබ්සාවකට ලක් කළ බව කියන කාන්තාවගේ ආරක්ෂාව සහතික කරන ලෙස ඇගේ සැමියා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. 

කඳාන ශාන්ත සෙබස්තියන් දෙව් මැදුරේ තැන්පත් කර තිබූ ඉතාලියෙන් වැඩම කරවූ ශාන්ත සෙබස්තියන් මුණිදුන්ගේ හස්ත ධාතූන් වහන්සේ ඊයේ (29) පස්වරුවේ සොරකම් කර තිබු අතර, සිද්ධියට සම්බන්ධ සැකකරු කඳාන උතුරු බටගම ප‍්‍රදේශයේ දී පොලීසිය අද (30) අලූයම අත්අඩංගුවට ගෙන ඇත.

හෝටලයකට සහ සංගීත කණ්ඩායමකට ගෙවිය යුතු එක්ලක්ෂ විසිපන්දහසක මුදලක් ගෙවීම පැහැර හරින ලද බවට චෝදනා ලැබූ ශ‍්‍රී ලංකා ‘ඒ ’ ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩකයෙකු, දෙහිවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්ද පසු රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහරිනු ලැබ ඇත.

ld add copy

Latest News

නිවාස මූල්‍යාධාර හිමිවන පිරිස මෙන්න

නිවාස මූල්‍යාධාර හිමිවන පිරිස මෙන්න

ආයතනගතව සිට සමාජගත වන තරුණ තරුණියන්ට නිවාස පහසුකම් සපයාගැනීම සඳහා මූල්‍යාධාර ලබා දීමේ වැඩසටහනට අමාත්...

Connet With Us