ජවිපෙ දෙණියාය සංවිධායකට එස් ටී එෆ් එකෙන් පහරදීලා

Published in පුවත්
Wednesday, 24 December 2014 10:33

දෙනියාය එන්සල්වත්ත වතුයායේ සේවයේ නියුතු සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ විධායක සභික හා ජනතා විමුක්ති පෙරමුණේ දෙනියාය ප‍්‍රදේශයේ සංවිධායක වරයෙකු ද වන ඒ.ඞී. ආරියදාස  සහෝදරයාට ඊයේ රාත‍්‍රි 12.30 ට පමණ ආණ්ඩුවේ මැර පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදී ඇති බව එම සංගමයේ සභාපති රාමලිංගම් චන්‍ද්‍රසේකර් මහතා පවසයි.

ආරියදාස මහතා තම සේවය නිමකර නිවස බලා යමින් සිටියදි ජනාධිපති අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ පෝස්ටර් අලවමින් සිටි පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇත. මූත් අරුන්ගෙ එකෙක් තමයි. උඹව පොලිසියට ගෙනියන්න ඕනි. 

 

අපි එෆ්.ටී.එෆ් එකේ  යැයි කියමින්  මැරයෙකු විසින්  ආරියදාස මහතාගේ හිසට පිස්තෝලයක් තබා බියගන්වා  අතින් පයින් හා පොලූ මුගුරු වලින් පහර දී ඇත. අසල්වැසියන්ගේ පැමිණීමත් සමග මැරයන් පැනගොස් ඇති අතර ඔහු මේ වනවිට දැඩි අසාධ්‍ය තත්වයෙන් දෙනියාය මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිට මාතර මහ රෝහල වෙත මාරුකර යවා ඇත.

 

ඉහත සිදුවීමට අදාල පැමිණිල්ල දෙනියාය පොලිසිය හෝ දෙනියාය රෝහල් පොලිසිය විසින් බාරගෙන නොමැති බවත් ජනාධිපතිවරණයක් පැවැත්වීමට සූදානම්ව පවතින අවස්ථාවක ආණ්ඩුවේ මැරයින් විසින් තමන්ට එරෙහිව කටයුතු කරන පාර්ශවයන්ගේ සාමාජිකයෙකුට  සිදුකළ මෙම ම්ලේච්ඡ ප‍්‍රහාරය තම සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් ආරියදාස මහතාට පහරදී නිදැල්ලේ හැසිරෙන මැරයින් වහා අත්අඩංගුවට ගෙන නීති මගින් කටයුතු කරන ලෙස අදාල බලධාරීන්ට බලකර සිටින බවත් රාමලිංගම් චන්‍ද්‍රසේකර් මහතා මෙහිදී පැවසීය.

5

 

6

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us