ඉල්ලා අස්වූ වඳුරඹ ඕ අයි සී අවුරුද්දකට හිරේ ?

Published in පුවත්
Wednesday, 24 December 2014 07:48

වඳුරඹ පොලිස් ස්ථානාධිපති හදිසියේම ඉල්ලා අස්වී ගෙදර යෑම පොලිස් ආඥා පනතේ 83 වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බැවින් වසරක සිර දඬුවමකට යටත් කළ හැකි බව පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් ආධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කෙළේ ප්‍රශ්නයක් ඇති වූ විට ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග මේ නිලධාරියා විසින් කඩකර ඇති බවයි.

සේවය අතහැර යෑමේ පදනම යටතේ ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවත් පසුගියදා වඳුරඹ ප්‍රදේශයේ මැතිවරණ වේදිකාවකට ගිනි තැබීමේ සිද්ධිය හා සැකකරුවන් පැහැරගෙන යෑම පිළිබඳවද විශේෂ පරීක්ෂණයක් පවත්වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

වඳුරඹ පොලිස් ස්ථාධිපතිවරයාඅ ඉල්ල අස්වූයේ දේශපාලන බලපැම් මත සේවය කිරීමට නොහැකි බව පවසමිනි.

Last modified on Wednesday, 24 December 2014 07:51

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us