මේ අන්තිම අවස්ථාව ! මුලාවෙන් මිදෙමු !! - කසුන් කල්හාර (video)

Published in පුවත්
Tuesday, 23 December 2014 20:40

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නැතිවී යනවාට, නීතියක් නැතිව යනවාට මිනිසුන් බිය විය යුතු යැයිද ඉන් මිදීමට මේ පැමිණ ඇත්තේ අවසාන අවස්ථාව බැවින් පෙරට විත් සත්‍ය තේරුම් ගෙන ක්‍රියා කරන්නැයි සුප්‍රකට ගායන ශිල්පී කසුන් කල්හාර අද ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඔහු එසේ ඉල්ලා සිටියේ පවතින පාලනයට එරෙහිව ‘මුලාවෙන් මිදෙමු‘ සටන් පාඨය යටතේ ‘අලුත් පරපුර‘ නම් තරුණ කලාකරුවන් පිරිසක් පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

ඡන්දෙට සති දෙකක් තියා උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට ඊයේ පහර දුන් ආකාරය සියල්ලන්ම දුටු බවත් ඡන්දයක් ලඟ තියාගෙන මෙහෙම ගහනවා නම් ආණ්ඩුව දිනොවොත් කොහොම පහර දේවිදැයි ප්‍රශ්න කළ ‘අලුත් පරපුර‘ තරුණ කලාකරුවෝ තව දුරටත් බියෙන් සැකෙන් නොසිට ගමින් ගමට ගොස් වත්මන් පාලනය වෙනස් කිරීමට ජනතාව දැනුවත් කරන බව ද පැවසූහ.

කසුන් කල්හාර, මොහාන් රාජ්මඩවල, ජගත් මනුවර්ධන, ඉන්ද්‍රචාපා ලියනගේ, අමා විජේසේකර සහ සමනලී ෆොන්සේකා ඇතුළු කලා කරුවන් පිරිසක් පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ අද පැවැති මාධ්‍ය සාකච්ඡාවේ වීඩියෝ පට පහතින් නැරඹිය හැක.

 

ඡායාරූප - නිශාන්ත ප්‍රියදර්ශන

වීඩියෝ - සංජීව මලවිආරච්චි

 

 

SamanaliAmaWijesekara

AnomaRajakarunaKawshalyaFranandoJagathmanuwarnaJehanSrikanthaAppuhamiMohanRajMadawalaWJayasiri

IndrchapaLiyanageKasunKalharaLakshmanWijesekaraGaminiweeyangoda

Last modified on Tuesday, 23 December 2014 21:02

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us