කැසිනෝවලට වසර 25 ක බදු සහන

Published in පුවත්
Wednesday, 24 December 2014 10:17

වත්මන් රජය ජනතාවගේ මූලිකව අවශ්‍යවන භාණ්ඩ සඳහා බදු අයකරමින්, කැසිනෝ ව්‍යාපාර පවත්වන්නන්ට වසර 25ක බදු මුදල් ඉවත් කර ඇති බව ඊයේ (23) සෝලිස් හොටෙල් හිදී පැවති මාධ්‍ය සාකච්ජාවකදී සාධාරණ සමාජයක් වෙනුවෙන් ජාතික ව්‍යාපාරයේ මාදුළුවාවේ සෝභිත හිමියෝ ප‍්‍රකාශ කළහ.

ජනතාවට මූලිකව අවශ්‍යවන භාණ්ඩ සඳහාත්, මෙම ආණ්ඩුව විසින් බදු අය කරනු ලබයි. කැසිනෝ ව්‍යාපාර වල නියැලෙන්නන්ට වසර 25 කට බදු මුදල් අහෝසි කර ඇත. මේ අසාධාරණ ක‍්‍රම වේදය වෙනස් විය යුතුය. ලැම්බෝගිනි වැනි වාහන සඳහා බදු මුදල අහෝසි කර, සීනි, පරිප්පු වැනි භාණ්ඩ සඳහා බදු අයකරමින් සිටී.

මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණයෙන් පසු දින 100 වැඩ පිළිවෙල තුළ මෙම ක‍්‍රමවේදයන් වෙනස් කෙරේ. විශාල ඇමති මණ්ඩලයක් වෙනුවට තිස් දෙනෙකුට අඩු අමාත්‍ය මණ්ඩලයක් ඇති කෙරේ. එමගින් ක‍්‍රමාණුකූලව නව ප‍්‍රතිසංස්කරණ සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් නිදහසත් රට තුළ ස්ථාපිත කළ හැකියැයිද සෝභිත ස්වාමීන්වහන්සේ සඳහන් කළහ.

මෙම අවස්ථාවට සම්බන්ධ වූ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සඳහන් කළේ :‘‘දේශපාලන න්‍යාය පත‍්‍රය සකස් කිරීමට අවශ්‍ය කරුණු ජනතාව ගේ පොදු යහපත සඳහා සකස් කිරීමට හැකියාව ලැබුණු බවයි. සකස් කරන ලද න්‍යාය පත‍්‍රයේ ප‍්‍රමුඛව සඳහන් වුයේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමයි. විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට එයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අංග ලක්ෂණ ඇතුළත් කළ යුතුයි. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණයෙන් පසු නිරීක්ෂණ, අධීක්ෂණය නිරන්තරයෙන් සිදු කරනවා.’’ යනුවෙන්ද ශිරාල් ලක්තිලක මහතා පැවසීය.

Untitled-1

 MG 1640

Last modified on Wednesday, 24 December 2014 10:20

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us