‘අයිස් බකට් නානවට වඩා අපේ රටේ උදව් කරන්න ඕනි තරම් මිනිස්සු ඉන්නවා. මට යෝජනා කලොත් කවදාවත් මම අයිස් බකට් නාන්නේ නෑ’ යයි ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ටි.එම්. දිල්ශාන් පවසයි.
ජාත්‍යන්තර ගණිත තරගයෙන් ලංකාවට රිදී හා ලෝකඩ පදක්කම්
ජාත්‍යන්තර ගණිත තරගයෙන්, ශ්‍රී ලංකාවේ සරසවි සිසුන් වන බුද්ධි ගම්ලත් රිදී පදක්කමක් හා තිළිණ බණ්ඩාර ලෝකඩ පදක්කමක් දිනාගෙන ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බලඝනයක් අප්‍රිකා මෙහෙයුමකට
එක්සත් ජාතීන්ගේ ඉල්ලීම පරිදි අප්‍රිකානු මහාද්වීපයේ මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බලඝනයක් පෙරේදා (09දා) දිවයිනෙන් පිටත්ව ගියේය.
දෙමාපියන් ඉගෙනීමට බලකළ නිසා, සිසුවා දිවි නසා ගෙන
කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබියදී සොයාගත් තලවකැලේ ශාන්ත පැට්රික් දෙමළ විදුහලේ ඉගෙනුම ලැබූ සිසුවාගේ මරණය මිනී මැරුමක් නොව සිය දිවි නසා ගැනීමක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇති බව ලිඳුල පොලිසියේ නිලධාරියෙක් සඳහන් කළේය.
පාසල් යාම සඳහා නිල ඇඳුමින් සැරසී උදෑසන නිවසින් පිටව ගිය එකම පවුලේ බාලවයස්කාර පාසල් ළමුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු පෙරේදා (09) උදෑසන සිට ආගිය අතක් නොමැති බව කියමින් එම දරුවන්ගේ දෙමාපියන් රාජාංගනය පොලීසියට 10 වනදා (ඊයේ) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. නමුත් මේ වන විට එම දරුවන් තිදෙනා නිවෙස් වලට පැමිණ ඇති බව සැලය.
වසර 20 ක් විපක්ෂයේ සිට දුක් විදපු එක්සත් ජාතික පාක්ෂිකයන් ජයග්‍රහණය කිරීමට උත්සාහ ගනිද්දී ඒ රාජා මේ රාජ මහාරාජ වැනි මේ තුට්ටු දෙකේ මාධ්‍ය මුදලාලිලා හැම විටම කටයුතු කළේ එය වැලැක්වීමට බවත් ඒ සදහා සිවුරු හැදගත් අයත් සිවුරු හැද නොගත් අයත් එකතු කොටගෙන ආණ්ඩුව සතුටු කිරීමට කටයුතු කළ බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශූ වෛද්‍ය නිලධාරීන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් පීඩාකාරි වන අලි අල්ලා වනෝද්‍යාන වෙත මුදා හැරීමේ මෙහෙයුම් නතර වී තිබේ.

