රජය විසින් තීරණය කරන ලද වතු සේවකයින්ගේ දෛනික වැටුප ලබා නොදෙන වතු හාම්පුතුන්ගේ බදු ගිවිසුම් දීර්ඝ නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (09) අනාවරණය කළේය.

ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා නීතිපති ධූරය සඳහා පත්කිරීමේ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් නොමැති බවත්, මින් පෙර එවැන්නක් සිදුවී නොමැති බවත්, ජ්‍යෙෂ්ඨත්වය මත නීතිපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙන්වා දී තිබේ.

වසර 2030 වන විට තිරසර සහ පූර්ණ සංවර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීම සඳහා වන පුළුල් ප්‍රතිපත්ති ඇතුළත් කරමින් ලංකා වාණිජ මණ්ඩලය විසින් සකස් කරන ලද ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දීම අද (09) ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.

අද ලෝකය ඉදිරිපත්කරන අලුත් මත බුද්ධ දේශනාව තුළ අන්තර්ගත වී තිබෙනවා. අද අප සිටින්නේ විද්‍යාව සහ ධර්මය යන දෙකම එකට මුණ ගැසෙන සංධිස්ථානයකයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහනේ දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 දා සිට 30 දක්වා සිදු කෙරෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.

රාජ්‍ය සේවකයන්ට රු. 25,000 ක් දීමනාවක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය සහ සමගි ජන බලවේගයටත් සම්බන්ධ වෘත්තීය සමිති ඒකාබද්ධව ගෙන යන මහා වැඩ වර්ජනය අදත් සිදු කෙරෙමින් පවතී. නමුත් රජයේ පාර්ශ්වයෙන් ප්‍රකාශ කර ඇත්තේ මේ මොහොතේ කිසිසේත්ම එලෙස දීමනාවක් හෝ ලබා දීමේ හැකියාවක් නොමැති බවය.

2024 ඡන්ද හිමි නාම ලේඛනය සහතික කොට ඇති බවත්, නිල වශයෙන් ප්‍රසිද්ධ කිරීම මේ සතිය අවසන්වීමට පෙ⁣ර සිදු කරන බවත් ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අතුරුගිරියේ වෙඩිතැබීමෙන් තුවාල ලැබු ගායන ශිල්පිණී කේ. සුජීවාට සිදුකළ ශල්‍යකර්මයෙන් පසුව ඇය සුවය ලබමින් සිටින බව වාර්තතා වේ

ld add copy

Connet With Us