එහි සභාපති ගීතාමනි කරුණාරත්න ප්‍රකාශ කළේ මාස තුනක පමණ කාලයක සිට දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය කෝමාරිකා අමුද්‍රව්‍යවල හිඟයක් පවතින බවය.
මෙම අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වන සැපැයුම්කරුවන් සිටියද අවශ්‍ය කෝමාරිකා මිලදී ගැනීම සඳහා කෝමාරිකා වගාවන් නොමැති බව සභාපතිවරිය ප්‍රකාශ කළාය. මෙම තත්ත්වය මත ආයුර්වේද ඖෂධ සහ වෙනත් නිෂ්පාදන කිරීමේදී ගැටලුවලට මුහුණ දීමට වන බව ඇය සඳහන් කළාය.
තවද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කිරාත අමුද්‍රව්‍යයේද හිඟයක් පවතින අතර ඒ වෙනුවට මේ දිනවල ආයුර්වේද සංස්ථාව විසින් බිං කොහොඹ ආදේශකයක් ලෙස භාවිත කරනු ලබයි.
දේශීය ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කෝමාරිකා සහ කිරාත ඇත්නම් ආයුර්වේද සංස්ථාවට දැනුම්දීමක් කරන ලෙස සභාපතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

