ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය විසින් ලියෝ බ්ර්නට් සොලුශන්ස් වෙත රු. මිලියන 40ක කොන්තරාත්තුවක් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලබා දී ඇත.

පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහාය ලබාදීමේ යෝජනාව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැත්වූ විශේෂ සම්මේලනයේදී ඒකමතිකව සම්මත වුණි.

ශ්‍රි ලංකා මුහුදු සීමාව උල්ලංඝණය නොකිරිමට තමිල්නාඩු දිස්ත්‍රික්ක 06 ධීවර සංගම් පොදු එකඟතාවයකට පැමිණ අැත.

ජනාධිපතිවරණයේ නාම යෝජනා බාරදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා සහ පක්ෂ නියෝජිකටයින් අතර විශේෂ සාකච්ජාවක් මේ වනවිට පැවැත්වෙයි.

යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ රොහාන් ඩයස් මහතාව රත්නපුර සහ කෑගල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇත.

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය ලබාදීමට තීරණය කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මාලදිවයින සඳහා ජල බෝතල් ලක්ෂයක ආධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.

එප්පාවලදි මැර ප්‍රහාරයකට ලක්ව එප්පාවල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අද පුවත්පතේ මාධ්‍යවේදී තිසර සමල් සෝමරත්න මහතාට එප්පාව රෝහලට පැමිණි මැර පිරිසක් විසින් ඔහුට අද (06) උදෑසන රෝහලට පැමිණ තර්ජනය කර තිබේ.

ld add copy

Connet With Us