රජයෙන් ඉවත් වූ ජාතික හෙළ උරුමය සමග යළි සාකච්ඡා කිරීමට කැමැත්තෙන් පසුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනත් පුද්ගලයකුගේ නමින් පුවත්පත් සාකච්ඡාවක් සඳහා පෙරවරු 10 ට කොළඹ නව නගර ශාලාව වෙන් කැර ඇතැයි ලැබුණු ආරංචි අනුව දෙස් විදෙස් මාධ්‍යවේදීහු එහි රොක් වී සිටිති.
ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා තොරාගෙන ඇති බව එම ආරංචිමාර්ග තහවුර කරයි. මේ සම්බන්ධයෙන් වන නිල නිවේදනය අද දින නිකුත් කෙරෙණු ඇති බවද වාර්තා වේ. මේ අතර සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන නිල ප‍්‍රකාශනය පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.
සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා අද හෝ හෙට ආණ්ඩුවෙන් ඉවත් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එ.ජ.නි.ස. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා අද සවස එ.ජා.ප. එක් වී තිබේ.
රතනහිමිගේ විහාරයට එල්ලවූ තර්ජනය හෙළා දකිනවා-කැෆේ
දැනට සුඵ මොහොතකට පෙර ජාතික හෙළ උරුමය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩ වාසය කරන විහාරස්ථානයට එල්ල වු තර්ජනය කැෆේ සංවිධානය දැඩිව හෙළා දකී. මෙහිදී විහාරස්ථානය තුළට ගල් ප්‍රහාර දෙකක් එල්ල වු බව ආරංචි මාර්ග සදහන් කරයි.