මගේ අභියෝගයට ගෝඨාභයගෙන් ප්‍රතිචාරයක් නෑ!

Published in පුවත්
Saturday, 14 March 2015 16:03

පසුගිය කාලයේ තමා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔහුගේ වත්කම් බැරකම් ඉදිරිපත් කරන ලෙස අභියෝගයක් ඉදිරිපත් කළ නමුත් ඒ සම්බන්ධයෙන් ඔහුගේ කිසිදු ප්‍රතිචාරයක් නොමැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.ඔහු මේ බව සඳහන් කර සිටියේ අද(14) කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින්ය.

තවද සමාජවාදය වෙනුවෙන් පෙනී සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහ පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල වැනි පුද්ගලයින් මේ වන විට ධනවාදය ගැන කතා කරමින් සිටින බවද ඔහු කීවේය.

තමන් විපක්ෂයේ සිටින කාලයේ තිබු තත්ත්වය වර්තමානයේ සිටින විපක්ෂයට සිදුවීමට ඉඩ නොදෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය වීමට ඉඩ නොදෙන බව ඔහු කියා සිටියේය.

එසේම දවස් 61ක් තුළදී රටේ ජනතාවට සතුටින් ජීවත් විය හැකි මාර්ග නව රජය විසින් සකසා දී ඇති බවත්, සිව් දෙනෙකුගෙන් යුතු පවුලක් සඳහා මසකට රුපියල් 7500 ක වියදම් අඩු වී ඇති බවත් මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us