ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළකිරීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ප‍්‍රතිසංස්කරණ සමග වෙනසක් ඇති කිරීම වෙනුවෙන් සිවිල් සමාජය විසින් ඉදිරිපත්කර ඇති ප‍්‍රතිසංස්කරණ යෝජනා පිළිබදව මහජනයා දැනුවත් කිරීමත් ඔවුන්ගේ සහාය ලබා ගැනීමත් සදහා වියරුවට එරෙහිව ජීවිතය වෙනුවෙන් යන තේමාව යටතේ පැවැත්වෙන වීධියේ විරෝධය දෙසැම්බර් 5 එප්පාවල සහ අනුරාධපුර නගරයේ දීත්, දෙසැම්බර් 6 දඹුල්ල සහ කුරුණෑගල නගරයේ දීත්, දෙසැම්බර් 7 හලාවත නගර වලදී පැවැත්වේ.

ඇතැම් පෞද්ගලික නාලිකා සැලසුම් සහගතව නින්දිත ලෙස දේශපාලනය කරන බටට රජය චෝදනා එල්ල කරයි.

එවන් නාලිකා පවත්වන දේශපාලන වැඩසටහන් සදහා මින් ඉදිරියට රජයේ නියෝජිතයන් සහභාගී නොවන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ  බ්‍රහස්පතින්දා පැවති කැබිනට් මාධ්‍ය හමුව අමතමින් පැවසුවේය. 

අනුරාධපුර මහජන ක්‍රීඩාංගණ සංකීර්ණයේ පාපන්දු, ක්‍රිකට්, එල්ලේ ක්‍රීඩා සඳහා භාවිතා කරන ක්‍රීඩා පිටියට දේශපාලනික රැස්වීමක් පැවැත්වීම සඳහා කළු ගල් ඇතිරීම සම්බන්ධයෙන් අනුරාධපුරයේ ක්‍රීඩා සංගම් බලවත් ලෙස සිය විරෝධය පළ කර තිබේ.

කෙසෙල් ගෙඩි වල සීනී වර්ග 3ක් හදුනාගත හැකිය. ඒ සුක්‍රෝස්, ෆ්‍රක්ටෝස් හා ලැක්ටෝස්. මේවා තන්තු වශයෙන් එකිනෙක බැඳි පවතී. එක් කෙසෙල් ගෙඩියකින් ඉහල දිගු කල් පවතින ශක්තියක් ලබාගත හැකිය.

2014 උණුසුම්ම වසරද?

Published in පුවත්
Thursday, 04 December 2014 14:14

ගෙවී යන 2014 මෙම වසර ලෝකයෙන්ම අධික උණුසුමක් පැවති වසර ලෙස ඉතිහාස ගත වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එල්.ටී.ටී.ඊ බුද්ධි අංශ ප‍්‍රාදේශිය නායකයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු තී‍්‍රකුණාමලය ප‍්‍රදේශයේදී ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාස නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අැත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි තෙල්දෙණිය - මැදදුම්බර ප‍්‍රාදේශීය සභාවේ ලබන වසර සඳහා අයවැය වැඩි ඡන්ද එකකින් අද (04) පරාජයට පත්වුයේය.

ld add copy

Connet With Us