වත්මන් පරම්පරාවේ සිට සියලූම ළමා විවාහ නවතා දැමීමට අප්‍රිකානු සංගමය තීරණය කර තිබේ.
මරණ දඬුවම නියම වු ඉන්දීය ධීවරයින් පිරිස නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉන්දීයාව ශ්‍රී ලංකා රජයට ප්‍රසාදය පළකර තිබේ.
ප්‍රැන්සිස් පාප්වහන්සේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවට සැපත්වන විට රටේ සිටින්නේ අලුත් ජනාධිපතිවරයෙක් බව අගමැති දි.මු. ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසුවේය.
ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අමාත්‍ය කාර්යාලයේ තිබූ සිය බඩු බාහිරාධිය ඉන් ඉවත් කර ගත් බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉදිරි ජනාධිපතිවරණයදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට ඊයේ (19 ) රාත්‍රියේ රැස්වූ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබේ.
ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, මැතිවරණ නිලධාරීන් හා දේශපාලන පක්ෂ ලේකම්වරුන්ව මැතිවරණ කොමසාරිස්වරයා විසින් හෙට (21 ) කොළඹට කැඳවීමට තීරණය කර තිබේ.
නව භූකම්පන මාන දෙකක් ස්ථාපිත කිරීමට භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය තීරණය කර ඇත.
රාජගිරිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙක් අතුරුදන්වී තිබේ.