ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම වෙත ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බව වාර්තා වනවා.

රථ වාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට රාත්‍රී කාලයේ දී වාහන නැවැත්වීමේ දී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබේ.

මෙම වසර තුළ දිවයිනට පැමිණෙන විසි ලක්ෂයේ විදෙස් සංචාරකයා අද (26) දිනය තුළ පිළිගැනීමට සුදානමින් සිටින බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

ජීවිත 35,000කට අධික පිරිසක් බිලිගත් සුනාමි ව්‍යවසනය සිදුවි අදට වසර 20ක් සපිරෙයි.

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වැසි රහිත කාලගුණයක්

Published in පුවත්
Wednesday, 25 December 2024 08:13

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (25) දිනයේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නත්තල් දින කතෝලික දේවස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 45,000ක ප්‍රමාණයක් යොදවා ඇති බව පොලීසිය පවසයි.

නත්තල යනු වාද භේද දුරලා මනුෂත්වයේ නාමයෙන්, සමඟියෙන් හා සාමයෙන් කටයුතු කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ld add copy

Connet With Us