නල්ලතන්නිය පොලිසිය සඳහන් කර ඇත්තේ නල්ලතන්නිය ශ්‍රීපාද මහා මළුව මාර්ගයේ මහගිරිදබය අසල ඇතිවු නාය තර්ජනයක් මත මෙම මාර්ගයේ ගමන් කරන වන්දනාකරුවන් සිමා කිරිමට පියවර ගෙන ඇති බවයි.
තවද මේ වන විට දිනකට වන්දනාකරුවන් දෙසියක් තුන්සියයක් පමණ පැමිණෙන බවත් එම තත්ත්වයන් මත එම පිරිසට කණ්ඩායම් වශයෙන් මෙම මාර්ගය ඔස්සේ ශ්‍රීපාද මහා මළුව දක්වා ගමන් කිරිමට පහසුකම් සලසා ඇති බවත් පොලිසිය පවසයි.
කෙසේ වුවත් යම් හෙයකින් මෙසේ පැමිණෙන වන්දනාකරුවන් වැඩි වුවහොත් එම වන්දනාකරුවන් නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ ඉදිකටු පාන අසලින් රත්නපුර මාර්ගය ඔස්සේ ශ්‍රිපාද මහා මළුව දක්වා හරවා යැවිමට පියවර ගෙන ඇත.
ඊට අමතරව මේ වන විට නායයාමේ අවදානමට ලක්වු ප්‍රදේශය යුධ හමුදාවේ පිරිස් විසින් පිලිසකර කිරිමට පියවර ගෙන ඇති බවත් එම තත්ත්වයන් මත තවත් සතියක දෙකක කාලයක් තුළදි එම පිලිසකර කිරිමේ කටයුතු නිමවිමෙන් අනතුරුව නල්ලතන්නිය මාර්ගයේ ශ්‍රිපාද මහා මළුව දක්වා පෙර පරිදි වන්දනා කිරිමට හැකිවන බවද සදහන් කෙරේ.
- dinamina

