තොන්ඩමන් කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධුරයෙන් අල්ලා අස්වෙයිද ?

Published in පුවත්
Thursday, 18 December 2025 11:58

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වීමට තිරණය කර ඇති බවත්, ඒ සදහා එම පක්ෂයේ ජාතික සභාව කැදවන ලෙස එම පක්ෂයේ උප සභාපතිවරුන් කිහිප දෙනෙකුට දුරකථනය ඔස්සේ කථා කර දැනුම් දී ඇත.

ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධූරය දරන ආගරපතන ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය යෝජනාව පරාජය වීමේන් අනතුරුව ලංකා කම්කරුකොංග්‍රසයේ වත්මන් සභාපති සෙන්දිල් තොන්ඩමන් සහ පක්ෂයේ ලේකම් ජීවන් තොන්ඩමන් මහතා අතර දුරකථනය ඔස්සේ බහින් බස් වීමක් සිදු වී ඇති බවත්, ඉන් අනතුරව ජීවන් තොන්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි ලංකා කම්කරු කොංග්‍රසයේ ජේෂ්ඨ උප සභාපතිවරයෙකු කියා සිටියේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති ධූර දරන තලවකැලේ ලිදුල, නුවරඑලිය මහ නගර සභාව, හගුරන්කෙත, වලපනේ, කොත්මලේ යන පළාත් පාලන ආයතන වල ලංකා කම්කරු කොංග්‍රසයේ නාගරික මන්ත්‍රීවරුන්ට රජයට ලබා දෙන සහයෝග වලින් ඉවත් වන ලෙසට ලිපි ලබා දෙන ලෙසද ජීවන් තොන්ඩමන් මහතා ඉල්ලීමක් කර ඇති බවයි ලංකා කම්කරු කොංග්‍රසයේ ජේෂ්ඨ උප සභාපතිවරයෙකු කියා සිටියේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සභාව කැදවන ලෙස එම පක්ෂයේ මහ ලේකම්වරයා දුරකථනයෙන් දැනුම් දිම් කලද එම ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කල හොත් පමණක් ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සභාව කැදවන බවට ලංකා කම්කරු කොංග්‍රසයේ ජේෂ්ඨ උප සභාපතිවරයෙකු කියා සිටියහ.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us