හිටපු අගවිනිසුරු අචාර්ය ශිරාණි බණඩාරනායක මහත්මිය යළි එම ධුරයට පත් කරන ලෙස ශ්‍රී ලංකා නිතීඥ සංගමය ඉල්ලීමක් කරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ හිටපු ඇමති හා නියෝජ්‍ය ඇමතිවරුන් වන ෆීලික්ස් පෙරේරා, ලලිත් දිසානායක, නියෝමාල් ‍පෙරේරා, දයාශිත්‍ර තිසේරා වික්ටර් ඇන්තනි, තිලංග සුමතිපාල, ඒ.ආර්.එම් අබ්දූල් කාදර් යන අයද මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට එක්වී අැත.

නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නව කැබිනට් මණ්ඩලය අද (12)දිනයේ දිවුරුම්දීමට නියමිතව අැත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගෙන ඇති නමුත් එම පාලනය නැවත පෙරලා දැමීම සඳහා කුමන්ත්‍රණයක් මේ මොහොතේ බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංගගේ නිවසේ සිදුවෙමින් තිබෙන බව දැන ගැනීමට තිබේ. මේ සඳහා ශ්‍රී ලනීපයේ රාජපක්ෂවාදී කණ්ඩායමක්ද සහභාගී වී ඇත.

මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග අද එම අමාත්‍යාංශයේදී වැඩභාරගනු ලැබුවේය.

රූපවාහිනී සංස්ථාවේ සභාපතිධුරයට පත් කළ සෝමරත්න දිසානායක මහතා ඊයේ දිනයේදී වැඩ භාර ගැනීම සඳහා එම සංස්ථා පරිශ්‍රයට ගියද එහිදී ඔහුව පිළිගැනිමට පැමිණ සිටියේ ඉහළ නිලධාරීන් දෙතුන් දෙනෙකි. මේ සඳහා අනෙකුත් සේවකයන්ට සහභාගීවන ලෙස දන්වා සිටියද එම සේවකයන් පවසා තිබුණේ "අපිට ලැජ්ජාවක් කියල දෙයක් තිබෙනවා ඒ නිසා ඔය සභාපතිව පිළිගන්න අපිට බැහැ 'යනුවෙනි.

නව රජයේ අතුරු අයවැයක් ලබන 29 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර අැත.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත් වීමෙන් අනතුරුව රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණ චෝදනාවලට ලක්වූ දේශපාලඥයන් ගනනාවක් ජනාධිපතිවරයා වෙත සහය දැක්වීමට ඉදිරිපත් වී එම චෝදනාවලින් නිදහස් වීමේ උත්සාහයක් දරමින් සිටින බව ජවිපෙ ප්‍රකාශකයෙක් පැවැසීය.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us