මුහුදේ මාළු අඩුවෙලා ! ඉතිහාසයේ කිසි දිනක වාර්තා නොවූ ලෙස සියලුම මාළු මිල ඉහළට

Published in පුවත්
Wednesday, 22 July 2026 09:11

වාරකන් කාලය නිමවී තිබුණත් මුහුදේ මාළු අස්වැන්න නොමැතිවීමෙන් ඉතිහාසයේ කිසි දිනක වාර්තා නොවූ පරිදි සාලයා, හුරුල්ලාගේ සිට සියලුම මාළු මිල ගණන් ඉහළ ගොස් ඇතැයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි පැවසීය.

ඉන්දීය ධීවරයන් ට්‍රෝලිං යාත්‍රා මගින් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල මසුන් ඇල්ලීම නිසා මාළු පැටව් විනාශවී යාමත් ඊට අමතරව මාළුවන් බෝ කිරීමට වගකිවයුතු ආයතන ක්‍රියා නොකිරීමත් යන කාරණා හේතුවෙන් රට වටා මුහුදේ බරපතළ ලෙස මාළු හිඟයක් ඇති වී ඇතැයි ධීවරයන් පවසන බව ද ඔහු කියයි.

මේ වන විට පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයට එන මාළු ප්‍රමාණය විශාල ලෙස අඩුවී ඇතැයි ද දකුණු මුහුදු තීරයෙන් ලැබෙන මාළු නොවන්නට දැනට පවතින මිල දෙගුණයකින් වැඩිවනු ඇතැයි ද ජයසිරි වික්‍රමාරච්චි සඳහන් කරයි.

මාළු මිල ගණන් මේ තරමටම වැඩිවීම හේතුවෙන් සිල්ලර වෙළෙඳුන් මාළු මිලදී ගැනීමට නොපැමිණෙන බවත් දුප්පත් මිනිසුන්ට සාලයා, හුරුල්ලා වැනි මාළු වර්ගයක්වත් මිලදී ගන්නට නොහැකි තත්ත්වයක් ඇති වී ඇතැයි ද ඔහු පවසයි.

ලින්නා කිලෝවක තොග මිල පමණක් රුපියල් 900 ක මට්ටමේ පැවැති බවද ඔහු සඳහන් කරයි.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයේ ඊයේ (21 වැනිදා) මාළු මිල ගණන් සටහන්ව තිබුණේ මෙසේය.

සාලයා රුපියල්. 1200, හුරුල්ලා රුපියල් 1500, ලින්නා රුපියල් 900, පරව් රුපියල් 1000, බලයා (පොඩි) රුපියල් 1000, බලයා (ලොකු) රුපියල් 1300, තලපත් රුපියල් 2500, කොප්පරා රුපියල් 3000, දැල්ලා (පොඩි) රුපියල් 1300, දැල්ලා (ලොකු) රුපියල් 2000, කුම්බලා රුපියල් 1300, හැදැල්ලා රුපියල් 1800, තෝරා රුපියල් 3300ය..

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us