සුසිල්, ඩිව්,රජීව් කෝප් වාර්තාව ප්‍රසිද්ධ නොකර උසාවි යයි.

Published in පුවත්
Tuesday, 11 August 2015 08:09

ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කළ මහා භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ ගනුදෙනුව පිළිබඳව කෝප් කාරක සභාව ප්‍රසිද්ධියට පත් කිරීම තහනම් කරන්නැයි ඉල්ලා තමන්ට එරෙහිව නඩුවක්‌ පැවරූ මුදල් නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාගෙන් රුපියල් කෝටියක අලාභ වන්දියක්‌ අයකර දෙන්නැයි ඩිව් ගුණසේකර සහ සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරු ඊයේ (10 වැනිදා) කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලීමක්‌ කළහ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා කෝප් කාරක සභාවේ හිටපු සභාපතිවරයායි. ප්‍රේම් ජයන්ත මහතා එහි සාමාජිකයකු වූ දෙදෙනාම ඉල්ලීම් කර ඇත්තේ ඔවුනට විරුද්ධව සේනසිංහ මහත පැවරූ නඩුවට විරෝධතා ගොනු කරමිනි.

කෝප් කාරක සභාවේ සාමාජිකයකු වූ ආචාර්ය රජීව් විඡේසිංහ මහතාද සේනසිංහ මහතාගෙන් එම නඩුවට අදාළව රුපියල් කෝටියක වන්දියක්‌ ඉල්ලා ඇත. මේ තිදෙනාම කියා සිටියේ සේනසිංහ මහතා තමන්ට එරෙහිව පැවරුවේ කිසිදු පදනමක්‌ නැති බොරු නඩුවක්‌ බවයි.

කෝප් කමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීම තහනම් කරන්නැයි ඔහු එම නඩුවෙන් කළ ඉල්ලීම පසුව ඉල්ලා අස්‌කර ගත් බවත් ඔහු එසේ කළේ නඩුව තව දුරටත් ඉදිරියට ගෙන යැමට නොහැකි නිසා බවත් තිදෙනාම කියා සිටිති. එකී මුදල ඉල්ලා සිටින්නේ ඔවුන්ට එරෙහිව බොරු නඩුවක්‌ පැවරීමෙන් සිදු කළ අපහාසයට වන්දියක්‌ ලෙසිනි.

ඒ කෙසේ නමුත් කෝප් වාර්තව ප්‍රසිද්ධ කිරීම සඳහා දැන් සුජීව සේනසිංහගෙන් බාධාවක් නොමැති නමුත් මේවන තුරුත් මෙම කෝප් වාර්තාව ප්‍රසිද්ධ කිරීමට කිසිවකුත් කටයුතු කොට නැත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us