පකිස්ථානයේ හමුදා සොල්දාදුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් අනතුරට පත්වීමෙන් සොලදදුවන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇෆ්ගනිස්ථාන අභියාචනාධිකරණය ප්රකෝපකාරී තීන්දුවක් ලබාදෙයි
ඇෆ්ගනිස්තාන අභියාචනාධිකරණය විසින් තරුණ කාන්තාවක් මරාදැමීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවූ පුද්ගලයන් හතර දෙනෙකු ගේ දඬුවම් අත්හිටු වීම හේතුවෙන් එරට කාන්තා ක්‍රියාකාරිනියන් කෝපයට පත්වී තිබේ.
පිලිපීන නෞකාවක් අනතුරට පත්වීමෙන් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. මගීන් 189 දෙනෙකු ප්‍රවාහනය කරමින් තිබූ මෙම නෞකාව අනතුරට පත්ව ඇත්තේ මධ්‍යම පිලිපීනයේ ලේයිට් වෙරළ තීරයේදී බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
ඊජීප්තුවේ සෙනායි අර්ධද්වීප ප්‍රදේශයේදී එරට හමුදාව සහ අයිඑස් සටන්කාමීන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් සියයකට අධික සංඛ්‍යාවක් මියගොස් තිබේ.
ඇමරිකාව හා කියුබාව තානාපති කාර්යාල විවෘත කිරීමට සැරසෙයි
ඇමරිකාව සහ කියුබාව අතර සබඳතා ශක්තිමත් කිරීමේ ඉදිරි පිවරක් ලෙස දෙරටේ ප්‍රධාන නගර දෙකේ තානාපති කාර්යාල විවෘත කිරීමට නියමිත බව වාර්තා වේ.
ඉන්දුනීසියානු හමුදාවට අයත් ප්‍රවාහන ගුවන් යානයක් ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා ප්‍රදේශයට කඩා වැටීමෙන් මිය ගිය 141 ක් දෙනෙකුගේ සිරුරු මේවන විට සොයාගෙන ඇති බව ඉන්දුනීසියානු බලධාරීන් පවසයි.
අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ආහාර රැගෙන ගිය රොකට්ටුව පුපුරා යයි(video)
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන ගිය රොකට්ටුවක් පසුගියදා(28) පුපුරා ගිය බව නාසා ආයතනය නිවේදනය කර තිබේ.
ග්‍රීසියට ලබා දෙන හදිසි ණය ප්‍රමාණය ඉහල දැමීම යුරෝපා මහ බැංකුව ප්‍රතික්‍ෂේප කිරීමත් සමඟ ග්‍රීසියේ සියලු බැංකු සතිය පුරාම වසා තැබීමට එරට රජය තීරණය කර තිබේ.