කල් තියා දැන සිටි දෙයක්: සම්පන්දන් සහ අමිර්තලිංගම්
එස්. රත්නජීවන් හූල් -
දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයන් ද ඇතුළු පිරිසක් පසුගිය දා, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන්ගේ පඹයෙකු යාපනේදී ගිනි තැබීමේ සිද්ධිය තුළින්, කල් තියා දැන සිටි යමක් පිළිබඳ හැඟීමක් මා තුළ ඇති විය. එම පක්ෂයේ නායක ආර්. සම්පන්දන් සහ එම්. ඒ. සුමන්දිරන් මෑතකදී පැවති නිදහස් දින සමරු උළෙලට සහභාගී වීම ඔවුන් ගත් නිර්භය පියවරකි. එය, 1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කරගත් දා සිට දෙමළ ප‍්‍රධාන ප‍්‍රවාහයේ දේශපාලනික නායකත්වය රජයේ නිදහස් උළෙලකට සහභාගී වූ ප‍්‍රථම අවස්ථාවයි. එතෙක් සෝල්බරි ව්‍යවස්ථාවේ 29 (2) වගන්තිය යටතේ මේ රටේ සුළු ජාතීන් සඳහා තිබූ ආරක්ෂණය 1972 ජනරජ ව්‍යවස්ථාව මගින් අහෝසි කිරීම හේතුවෙන් එම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට තමන් ඡන්දය පාවිච්චි නොකළ නිසා ඒ යටතේ පැවැත්වෙන නිදහස් උළෙලකට සහභාගී නොවිය යුතුය යන්න බොහෝ දෙමළ ජාතිකයන්ගේ මතය විය.
ප්රභාකරන්ට බය නැති මහින්දට බය කරුණා අම්මාන්(video)
මම මේ ලිපිය ලියන්නෙ දැන් සුදුවෑන්වලින් මිනිස්සු උස්සන්නෙ නැහැ කියන පූර්ණ විශ්වාසය මත. ඒ වගේ ම මගේ සෙල් ෆෝන් එක ටැප් කරන්නෙ නැහැ කියන විශ්වාසයත් තිබෙන නිසා. ගෙදරට ඇවිල්ල මගේ පරිගණකය පැහැරගෙන යාවි කියන සැකයත් නැති නිසා. මොකද මේ ලියමනෙන් කාට කාට රිදේවිද කියල කියන්න අපහසුයි.
උතුරේ දෙමළාගේ ප්රජතන්ත්රවාදී අයිතිය මර්දනය කරන්න - දිවයින
මේ අද (03)දිවයින පුවත් පතේ පලවූ ලිපියක උපුටා ගැනීමකි. එහි සිරස්තලය වූයේ 'යාපනයේ උද්ඝෝෂණවල සැඟවුණු අරමුණ කුමක්‌ද?'යන්නය. එහෙත් ඒ ඊට වඩාත්ම ගැලපෙන සිරස්තලය අප විසින් යොදනු ලැබුවේ පාඨකයාගේ වටහා ගැනීමේ හැකියාව තව දුරටත් තීව්ර කළ යුතු බැවිනි.
උතුරු - නැගෙනහිර දෙමළ ජනතාව ජනාධිපතිවරණයෙහි දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එකාවන්ව ජන්දය දුන්හ. ඔවුන්ගේ සහාය රාජපක්ෂ පාලනය පෙරළා දැමිමේ තීරණාත්මක සාධකයක් බවට පත්විය.
වැරදි කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සහ යුධ අපරාධ - රංජිත් හේනායකආරච්චි
පසුගිය දිනක උතුරු පළාත් සභාව විසින් තම ජනතාවට දිගින් දිගටම සිදුවූ අසාධාරණකම් සහ අඩම්තේට්ටම් ගැන ජාත්‍යන්තර පර්යේෂණයක් අවශ්‍ය බවට යෝජනාවක් සම්මත කර ගනු ලැබීය. මාර්තුවලදී එලිදැක්වීමට නියමිතව තිබූ ලංකාවේ යුධ අපරාධ පිළිබඳ වාර්තාව පමා නොකර එලිදක්වන ලෙසද ඒ සමගම ඔවුන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටිනු ලැබීය. ඒ සමගම එයට එරෙහිව විවිධ පැතිවලින් මත සහ විරෝධයන් ඉදිරිපත් කෙරුණි.
අම්මා යන්නට ඕනෑතරම් අර්ථකතන ලෝකය විසින් සපයා දී තිබේ. අපේ අම්මා මෙන්ම සෑම අම්මා කෙනෙක්ම ලේ කිරිකර පොවා තම දරුවන් ලොකු මහත් කර දරුවන්ගේ සුභ සිද්ධිය පතති. ඒ වෙනුවෙන් වෙහෙසෙති. හඬා වැටෙති. සුසුම් හෙලති. දරුවන්ටද එසේමය. අම්මා යනු මහ මෙරකි. එය සෑම දරුවෙකුටම එකය. අම්මා නැති කලේ අප්පා කවර කලේ යනුවෙන් කතාවක් පවතින්නේ කට කහනවට නොවේ.
මාධ්‍යය නිදහසට ගරු කරමු! වල්බූරු නිදහස පිටු දකිමු!!
රටක පුවත්පත් කෙසේ හැසිරිය යුතු ද යන්න කිසිවකුට අණ කළ නොහැකිවාක් මෙන් ම එකී පුවත්පත් වල් බූරු නිදහසක් භාවිතා කරමින් රටේ ජාතිවාදය අවුළවන්නට කැසකවන්නේ නම් ඊට එරෙහිව පියවර ගැනීම බලධාරීන්ගේ යුතුකමකි; වගකීමකි.
පසුගිය සතියේ ජාතික එකාබද්ධ රජයේ වැඩි අවධානයට ලක්ව තිබුණේ ගෙවුනු පෙබරවාරි මස 4 වැනිදා ශ‍්‍රීජයවර්ධනපුර කෝට්ටේහි පාර්ලිමෙන්තු සංකීර්ණය අසල පැවැත්වුනු නිදහස් දින සමරුවට සහභාගීව සිටි ජනාධිපතිවරයාට හා අනෙකුත් සම්භාවනීය අමුත්තන්ට එල්ල කිරීමට සැළසුම් කර තිබී ඇතැයි කියන ප‍්‍රහාරයක් පිළිබඳවය.එම ප‍්‍රහාරය 1981 වසරේදී ඊජිප්තු ජනපති අන්වර් සදාත් ඝාතනය කෙරුණු පරිද්දෙන් දියත් කිරීමට තිබුණු බව සදහන් වන අතර එම ප‍්‍රහාරයේදී ආරක්ෂක රථ පෙළපාලියකට සහභාගීව සිටි ආරක්ෂක අංශ සාමාජිකයෝ කණ්ඩායමක් තම රථ වලින් බැසවිත් ජනාධිපතිවරයා ඇතුළු අමුත්තන්ට වෙඩි තබා ඔවුන් ඝාතනය කළහ.