නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥවරියක් වන ආචාර්‍ය වන්දනා ශිවා 2014.06.30 දින කොළඹදී පරිසර විනාශයට එරෙහිව සිදු කරනු ලැබූ දේශයනය පදනම් කොට ගනිමින් මෙම ලිපිය සැකසෙනු ඇත.

බොදුබල සේනාව, රාවණා බලය සහ සිහල රාවය වැනි ජාතික සහ ආගමික අන්තවාදී ව්‍යාපාර සියල්ල පසුපස ආණ්ඩුව සිටින බව අද කවුරුත් දනිති. මේ ව්‍යාපාර සමග ආණ්ඩුවේ ඇති සාංගම ගැන සාමාන්‍ය ජනතාව අවබෝධකර ගන්නේ ගැඹුරු දේශපාලනික විවරණ හරහා නොවේ. ඉතා සරල දෘශ්‍ය, වාචික සහ අනුභූතික සාක්ෂි ආශ‍්‍රයෙනි. උදාහරණයක් වශයෙන්, බොදු බල සේනාවේ නායකයන් අත්අඩංගුවට නොගැනීම ගැන අසන ප‍්‍රශ්නයට හමුදාපතිවරයා දෙන පිළිතුර ජනතාවගේ ඇස් අරවනසුලූය. ඔහු කියන්නේ, රටේ කලබල ඇතිවිය හැකි නිසා එවැනි අන්තවාදී කොටස් අත්අඩංගුවට නොගන්නා බවයි. මේ උත්තරය මගින්, බොදුබල සේනාවේ සැහැසි ස්වභාවය, පොලීසියේ අකර්මණ්‍යභාවය සහ ඒ සමග ඇති ආණ්ඩුවේ සාංගම ගැන මනා අවබෝධයක් සාමාන්‍ය ජනයාට ලැබේ.

බේරුවල ගැටුමට ක්‍ෂණිකව හේතු වූ කරුණු කුමක් වුවද, පසුගිය වසර කිහිපයක කාලයේ දී මෙරට සුළුතර භික්ෂු කණ්ඩායම් කිහිපයක් මුස්ලිම් විරෝධය උත්සන්නවන අයුරින් කටයුතු කළ බව නොරහසකි. ජනමාධ්‍ය ආයතන කිසිදු වග විභාගයකින් තොර ව අන්තවාදී භික්ෂු කණ්ඩායම්වල වෛරී ප‍්‍රකාශවලට විශාල ඉඩකඩක් ලබාදුන්නේ ය.

පසුගිය කාලය පුරා ශ‍්‍රී ලංකා රේගුව විසින් නිවේදනය කරන ලද පුවත්වල ප‍්‍රමුඛවම කියවුණේ ප‍්‍රමාණය ඉක්මවා නීති විරෝධීව රන් ආභරණ පැළඳ සිටි පුද්ගලයන්ව අත්අඩංගුවට ගත් බවයි. මේ බොහෝ පිරිස් කොළඹින් ඈත එපිට ප‍්‍රදේශවල සාමාන්‍ය ජනයා වූ බව එම පුවත්වල අන්තර්ගත තොරතුරු පිරික්සීමේදී පැහැදිලි විය.

බළපිටියේ මාදු ගඟ පරිසරවේදීන් හට මෙතෙක් කියවා හමාර කළ නුහුණු ග්‍රන්ථයකි. දෙස් විදෙස් සංචාරකයන්ට සෞන්දර්යය නිකේතනයකි. උද්භිද හා සත්ත්ව විද්‍යාඥයන්ට පර්යේෂණාගාරයකි. සැදැහැතියන්ට දම් කඳ පහස ලත් සිරි දළදා සමිඳුන් වැඩ සිටි පුණ්‍ය තීර්ථයකි. දේශපාලනඥයන්ට තවමත් නෙත් විවර නොවූ කඩතිරයකි.

මීගමුව කලපුවේ මෝය ආශ‍්‍රිත ව පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන විශාල කඩොලාන පද්ධතියකට අයත් අක්කර අටක කඩොලාන භූමි ප‍්‍රදේශයක් නිවාස ව්‍යාපෘතියක් ඇතුළු සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා විසින් නැවත වරක් ක‍්‍රියා කරමින් සිටී.

2014 ජුනි මස 9 වන දින මීගමුව, කඩොල් කැලේ, කලපු කළමනාකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මහජනතාවගේ අදහස් විමසමින්් මෙම ව්‍යාපෘතිය නැවතත් ක‍්‍රියාත්මක කිරීමට ධීවර ජනතාවගේ අදහස් ලබා ගෙන තිබේ. 2009 වසරේ දී පළමු ව මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා කඩොල් කැලේ, කඩොලාන වනාන්තරය එළි කළ අවස්ථාවේ දී ඊට එරෙහි ව ජනතාව හා පරිසර සංවිධාන ක‍්‍රියාත්මක වීමේ ප‍්‍රතිඵලයක් ලෙස එම ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දැමින. ඉන් පසුව 2012 වසරේ දී නැවත වරක් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා උත්සාහ කළ අතර එම අවස්ථාවේ දී ද පරිසර සංවිධාන ක‍්‍රියාත්මක වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඒ උත්සාහය ද ව්‍යර්ථ විය. එසේ තිබිය දී නැවත වරක් මෙම ව්‍යාපෘතිය නීති විරෝධී ලෙස ක‍්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් සකස් කරමින් තිබේ.

නියෝජ්‍ය අමාත්‍යතුමන්ගේ මෙහෙයවීම මත මීගමුව නගර සභාව මගින් ක‍්‍රියාත්මක කිරීමට නියමිත මේ ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති කඩොලාන වනාන්තරය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අක්කර 36ක ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්ත ව පවතින මීගමුව කලපුවේ මෝය ආශ‍්‍රිත ව පිහිටන එක ම විශාල කඩොලාන වනාන්තරය යි. මේ කඩොලාන වනාන්තරය මීගමු මෝය ආශ‍්‍රිත ව තලාදුව ග‍්‍රාම නිලධාරී වසමේ මීටර 100ක් පමණ පළල, කිලෝමීටර භාගයක් පමණ දිග වනාන්තර තීරයක් ලෙස ව්‍යාප්ත ව තිබේ.

පරිසර අමාත්‍යංශයේ ලේකම් විසින් නිකුත් කළ 2001.08.10 දින හා අංක 05/2001 දරන අමාත්‍යංශ චක‍්‍රලේඛනයට අනුව මේ ඉඩම්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනයට යටත් කිරීම සිදු කර තිබේ. ඒ අනුව මේ කඩොලාන වනාන්තරය 2009 අංක 65 දරන පනතින් සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනත යටතේ පාලනය වේ. ඒ පනතේ 20 වන වගන්තියට අනුව මේ කඩොලාන වනාන්තරයේ ශාක කපා ඉවත් කිරීම, එළි පෙහෙළි කිරීම, ස්ථිර හෝ තාවකාලික ගොඩනැඟිලි ඉදි කිරීම, පාරවල් තැනීම හා ගොඩකිරීම ඇතුළු සියලූ ම ක‍්‍රියා තහනම් වේ. එවන් තහනම් ක‍්‍රියාවල නිරත වන තැනැත්තෙකු, වරදකරුවකු වන අතර, අවුරුදු දෙකක් නොඉක්මවන්නා වූ කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් පන්දහසකට නොඅඩු සහ රුපියල් පනස් දහසකට නොවැඩි දඩයකට හෝ ඒ දඬුවම් දෙකට ම හෝ යටත් විය යුතු ය. ඉහත සඳහන් දඬුවමට අතිරේකව, එම වනයට කරන ලද හානිය සඳහා අධිකරණය විසින් නියම කරන ලද දඩ මුදලක් ගෙවීම ද කළ යුතු ය. එපමණක් නො ව එම වරද කිරීමෙහි ලා ආධාර අනුබල දෙන හෝ එවැනි යම් වරදක් කිරීමට සලස්වන යම් තැනැත්තකු ද වරදකරුවකු වන අතර, ඔහු ද එම දඬුවමට ම යටත් විය යුතු ය.

එවන් තත්ත්වයක් පවතිද් දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර දේශපාලන බලපෑම් මත විවිධ ව්‍යාපෘති සඳහා ලබා දීමට වෙන් කිරීම නීති විරෝධී ක‍්‍රියාවකි. එසේ සිදුවෙද් දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිහඩ ව සිටීම කණගාටුවට කරුනකි.

ජාතික පාරිසරික පනත යටතේ ප‍්‍රකාශිත 1993 ජූනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකක වැඩි ඉඩම් ප‍්‍රදේශයක ඇති කැලෑ, කැලෑ ආශ‍්‍රිත නොවන ප‍්‍රයෝජනයක් සඳහා යොදා ගැනීමට ප‍්‍රථම පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය.

එසේ තිබිය දී අක්කර අටක කඩොලාන වනාන්තරයක් විනාශ කර, කලපුව ගොඩ කිරීමට ලක්කර ක‍්‍රියාත්මක කිරීමට නියමිත නිවාස ව්‍යාපෘතියක් සඳහා පළමු ව ඉඩම් වෙන් කර දීම නීති විරෝධී ක‍්‍රියාවකි. ඊට ප‍්‍රථම මේ ව්‍යාපෘතිය සඳහා පරිසර බලපෑම් ඇගයීමක් සිදු කර මේ ප‍්‍රදේශය එවන් ව්‍යාපෘතියක් සඳහා යෝග්‍යතාව හදුනාගෙන ඒ සඳහා පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබාගත යුතු ව ඇත. එවන් පියවරයන් පවතිද් දී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් තම හිතුමනාපය පරිදි සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම සඳහා පියවර ගැනීම පවතින අනපනත් උල්ලංඝනය කිරීමකි. එපමණක් නොව රටේ ස්වාභාවික සම්පත් වැනසීමට දායක වීමක් සහ සමාජීය හා පාරිසරික ප‍්‍රශ්න අලූතින් නිර්මාණය කිරීමට දායක වීමකි.

සාගරයේ හා කලපුවේ ජීවත්වන මත්ස්‍යයින්, කකුළුවන්, ඉස්සන් වැනි සතුන් බෝවීම හා පැටවුන් වර්ධනය සිදුවන්නේ මෙම කඩොලාන පද්ධතිය තුළ ය. යෝජිත නිවාස ව්‍යාපෘතිය සඳහා මෙම කඩොලාන වනාන්තර ප‍්‍රදේශ එළි පෙහෙළි කර ගොඩ කිරීමට ලක් කර යොදා ගැනීමෙන් මෙම සතුන්ගේ බෝවීමේ ක‍්‍රියාවලිය සම්පූර්ණයෙන් ම නතර වේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස නූතන කලපුව හා ඒ ආශ‍්‍රිත නොගැඹුරු මුහුදු තීරයේ සිදු කරන සුළුකර්ම ධීවර කර්මාන්තය විශාල බිඳ වැටීමකට ලක් වේ. එපමණක් නොව මේ හේතුවෙන් කලපුවේ ජෛව ප‍්‍රජාවගේ රැකවරණය සම්පූර්ණයෙන් ම අහිමි වී යයි. මෙම කලපුව හා එ් ආශ‍්‍රිත ව පිහිටන මුතුරාජවෙල තෙත් බිම් පද්ධතිය සංක‍්‍රමණික හා නේවාසික තෙත් බිම් වාසි විශාල පක්ෂි ගහණයකට වාසස්ථාන සපයයි. මෙම ව්‍යාපෘතිය මඟින් ඒ තත්ත්වය ද දැවැන්ත බිඳ වැටීමකට ලක් වේ.

යෝජිත නිවාස ව්‍යාපෘතියක් සමඟ ම මෙම වනාන්තර පද්ධතියට සිදුවන හානිය මින් නතර නොවේ. නිවාස ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ඉදිරියේ දී ද තව දුරටත් ඉතිරි කඩොලාන වනාන්තර ප‍්‍රදේශ ගොඩ කරමින් ජනාවාස ව්‍යාප්ත කිරීම සිදු කරනු ඇත. අවසානයේ මෙම කඩොලාන පද්ධතිය ම මීගමු කලපුවට අහිමි වී යනු ඇත. අදුරදර්ශී දේශපාලකයන් විසින් ගනු ලබන මෙවැනි අනුවණ තීරණ හේතුවෙන් මීගමු කලපුවේ ජෛව ප‍්‍රජාවත් ධීවර කර්මාන්තයත් අවසානයේ දැවැන්ත බිඳ වැටීමකට ලක් වනු ඇත. අදාළ විෂය භාර ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ම මෙම දැවැන්ත විනාශය සිදු කිරීමට පෙරමුණ ගැනීමෙන් පෙනී යන්නේ අ`දබාල දේශපාලකයින් රට පාලනය කිරීමෙන් රටට අත්වන ඉරණම ය.

එබැවින් අප වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ පටු දේශපාලන උවමනාවන් මත රජයට අයත් මේ කඩොලාන වනාන්තර විනාශ කර නිවාස ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට එරෙහි ව කඩිනමින් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ය. එපමණක් නොව මේ වනාන්තරය මැනීම් කර 2002.05.24 දින අංක 3243 දරන පිඹුර සකස් කර ඇත. එය ශ‍්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් සකස් කර අත්තේ මේ කඩොලාන වනාන්තරය රක්ෂිත ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීම සඳහා ය. නමුත් අද වන විට එය කොටස් දෙකක ට සකස් කර ඇත. එක් කොටසක් නිවාස ව්‍යාපෘතිය සඳහා සහ අනෙක් කොටස වන රක්ෂිතය සඳහා ය. මෙය සිදුවෙද් දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිහඩව සිටීම කණගාටුවට කරුනකි. අප වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ එම කඩොලාන වනාන්තර පද්ධතිය ගැසට් නිවේදනයක් මඟින් කඩිනමින් රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා ලෙස ය.

මේ කඩොලාන වනාන්තර පද්ධතිය මැනීම් කර වසර 14ක් ගත වී ඇති මේ මොහොතේ වත් එය රක්ෂිතයක් කිරීමට කඩිනම් නොවුනහොත් මේ කඩොලාන පද්ධතියේ අනාගත පැවැත්මට පමණක් නොව මීගමු කලපුවේ ජෛව ප‍්‍රජාව ගේ හා ධීවර ජනතාව ගේ අනාගත පැවැත්මට විශාල අහිතකර බලපෑම් එල්ල විය හැකි ය.

සජීව චාමිකර
පරිසර සංරක්ෂණ භාරය

(ලංකා සී නිව්ස්)

මෝඩි සහ ඩිමෝ

Sunday, 29 June 2014 05:30

යමුනා ගංතෙර යමුනා එනකං වගේ ඇස් කැඩෙනකං බලා ඉන්න මෝඩිගේ පින්තූරයක් දෙස බල බලා සිටි අරලියගහ මන්දිරේ පූසා කෑම කමින් සිටි ජනාධිපතිතුමාට කීවේ මෝඩිත් ඔබතුමා වගේ කන්‍යා ලග්නේ එක්කෙනෙක් කියාය. ඉතින් කියා ප‍්‍රතිචාර දැක්වූ ජනාධිපතිතුමාට පූසා කීවේ කන්‍යා ලග්නේ සේරම හොඳ කන්‍යාවෝ බවට පත්වුණොත් මරු වැඬේ බොස් කියාය. ජනාධිපතිතුමා කීවේ ආපෝ එහෙම වුණොත් මට වුණත් අපේ සමහර ප‍්‍රාදේශීය සභා සභාපතිලගෙන් සමාවක් ලැබෙන එකක් නැහැ කියාය. පූසා ඇසුවේ ඇත්තටම බොස් මෑන්ට මෝඩි මෝඩි කිව්වට තදවෙන් නැද්ද පුදුමයිනේ කියාය. ඒකෙ සිංහල තේරුම දැනගත්තොත් තද නොවෙන්න විදියක් නැහැ කී ජනාධිපතිතුමාගෙන් පූසා ඇසුවේ මේ යෝධයත් පුදනකොටම කාපි යකා කියලා දහතුන ඉල්ලන්නේ මොකද මේකත් උන්නැහේලගේ තවත් තෙලෙන්ගානාවක් කියලා හිතාගෙනද කියාය. මේ කතාවටත් සවන්දෙමින් ටීවී එකේ කාටුන් බල බලා සිටි ගිරවා ඇසුවේ ඇත්තටම ලංකාවත් ඉන්දියාවේ කෑල්ලක් වුණොත් මොකක් වෙයිද කියාය. පූසා හෙමිහිට කීවේ මොනවද ඉතින් අපේ ලොක්කත් ජයලලිතා අංක දෙක රඟදක්වයි කියාය. මෝඩිගේ සිකුරු උච්චවෙලාලූ කී ගිරවාට පූසා කීවේ අපේ ඩිමෝගේ සිකුරු උච්චවෙලා හුඟක් කල් කියාය. ඉඳියාප්පයක් රෝල් කර හක්කට දමා ගනිමින් සිටි ජනාධිපතිතුමාට පූසා කීවේ මේ යස්සයා ඔය දිව්රුම් දීම අස්සෙත් දහතුන ගැන ඇහුවලූ නේද, ඔය වගේ වෙලාවකදිත් අනුන්ගේ දහතුන මතක් කරන පොරක් අනාගතයේදී තව මොනව ඉල්ලයිද දන්නැහැ කියාය. මෑන් ප‍්‍රතිසංවිධාන ගැනත් අහලා තිබුණනෙ ඉතින් බොස් මොකද කිව්වේ කියා ඇසූ ගිරවාට ජනාධිපතිතුමා කීවේ මං ඉතින් වේලාසන මෙහේ ආපු කි‍්‍රෂ්ණලට සුෂ්මලට කියපු එකම මෝඩිටත් කිව්වා කියාය. ඉතින් ඕක දෙන්නම් කිව්වට කවදාවත් දෙන එකක් නෙමෙයිනේ, මේ වතාවේ හෙන ලෙඩක් වැටෙයිද දන්නෑ කියා ඇසූ පූසාට ජනාධිපතිතුමා කීවේ මිනිහෙක් දෙයක් ඉල්ලනකොට නැහැ බැහැ කියන්න අපේ දෙමව්පියෝ අපිට පුරුදු කරලා නැහැ කියාය. පූසා එතුමාගෙන් ඇසුවේ මෑන්ට අගෝස්තුවේ මෙහෙ එන්න කිව්වා නේද එදාට දහතුන ගැන ඕනෑවට වඩා අහන්න ගනියිද දන්නෑ බොස් එහෙම වුණොත් මොකද කරන්නේ කියාය. ජනාධිපතිතුමා කීවේ බලමු ඉතින් අගෝස්තු කියන්නේ ළමයි කවුඩෝ, මොනරු, නයි, වවුලෝ උඩ අරින කාලෙනෙ අපිටත් නයෙක් ඇරගන්න බැරිවෙන එකක් නැහැ කියාය. ගිරවා කීවේ බලාගෙන බොස් ඔය වගේ අමු ඬේන්ජරස් වැඩ කරන්න ගිහින් මෝඩි බොඩි එකත් එක්කම වවුලා ගලෝ ගනියි, එහෙම වුණොත් දෙමළ ජනයාට දහතුනෙන් දහයයි දෙන්න වෙන්නේ ප‍්‍රශ්නයක් නැද්ද කියාය. පූසා ඇසුවේ හරි ඉතින් සැප්තැම්බරයේ මෑන් ආවොත් මොකද කරන්නේ කියාය. සාහිත්‍ය මාසනේ කෙළින්ම බුක් ෆෙයාර් එකට එක්කගෙන යනවා කී ජනාධිපතිතුමාගෙන් පූසා ඇසුවේ ඇයි නුඞ්ල්ස් කවන්නද එහේ ගෙනියන්නේ කියාය. ජනාධිපතිතුමා ඒ කතාබහ නිමවා ලූම්බිණි විදුහලේ විවෘත කිරීමකට ගියේය. පූසා ගිරවාට කීවේ මෝඩි අනාගතයේදී මුදල් කළමනාකරණය සම්බන්ධයෙන් ගන්න යන තීන්දු වරදින බව ඉන්දියාවේ බමුණුදාස කෙනෙක් කියලා තියනවා කියාය. ගිරවා කීවේ අපේ ඩිමෝගෙත් මුදල් කළමනාකරණය පසුකාලීනව සෑහෙන්න අප්සට් ගියා ඒත් කවුරුවත් ඒක කෙළින්ම කියන්නේ නැහැ කියාය. කියන්නේ නැත්තේ මොකද කී පූසා එහෙනම් වීරවංස අයියා අම්බානට බනින්නේ කියා මතක් කර දුන් අතර ගිරවා කීවේ ඒත් ඉතින් පීබීටනේ, මිනිහා ආර්ථික ඝාතකයා කියලනේ රැවුල් අයියා කියන්නේ කියාය. පූසා කීවේ උඹ දන්න රෙද්ද එකේක ආර්ථික ඝාතකයන්ට එහෙම ඕනෙ විදියට ආර්ථිකය ඝාතනය කරන්න බැහැ රැවුල් අයියා ඔය බනින්නේ අපේ ඩිමෝට කියාය. ඔක්තෝබර් නොවැම්බර් වෙද්දී මෝඩිගේ තීරණ ගැනීමේ හැකියාව රාහු අවුල් කරලා දාන බවටත් අනාවැකි පළවෙනවා කී ගිරවාට පූසා කීවේ මෙහෙ ඉතින් එහෙම රාහු කෙනෙක් තාම පේන්න නැහැනේ කියාය. ගිරවා කීවේ අනේ අපි ඕවට නැහැ නැහැ කිය කිය ඉඳලා සෝභිත උන්නාන්සේවත් රාහුගේ වැඩේ කරයිද කියන්න බැහැ කියාය. අනතුරුව ගිරවා කීවේ චන්ද්‍රයයි රාහුයි එකතුවීමෙන් මෝඩි මාර අවුලකට යන බවත් හඳහනේ තියනවා කියාය. පූසා කීවේ අප්පට සිරි සෝභිත උන්නාන්සේට වටේ පිටේ චන්ද්‍රයෝ වගේ ඉන්න උනුයි, බාහු, සිරිතුංග, මනෝ, සම්බන්දන් වගේ ග‍්‍රහයොයි එක්කාසු වුණොත් ඩිමෝත් අවුලකට යන්න පුළුවන්. දැන් මොකද කරන්නේ කියාය. පූසා කීවේ වීරවංශ, රතන, පිංචක පරම්පරාවේ ඕපන් ස්ටේජ් ඩ‍්‍රාමා එකෙන් තරමක් දුරට ගොඩයන්න පුළුවන්ද කියලා අපේ එක්කෙනා බලනවා ඇති කියාය. ගිරවා කීවේ වැඬේ කියන්නේ මුංගේ නාට්ටිය දෙබස් පටිගත කළ එකක් නිසා හුඟක් වෙලාවට ඇක්ටිනුයි ඩයලොගුයි එකට යන්නේ නැති එකෙන් වැඩේ මාට්ටු වුණා වගේ කියාය. පූසා කීවේ කොච්චර වුණත් මුං බ‍්‍රැන්ඩෝලා කියලා ලොක්කා හිතං හිටියට මුනුත් නිකං ෆොන්සේකා ගාව ඉන්න ජාතියේ රඟපාන්න අමාරු නළුවෝ වගේ තමයි කියලා දැන් දැන් ඔප්පු වෙමින් තියනවා කියාය. ගිරවා කීවේ මෝඩි සිනමාවට ආවා නම් අතිදක්ෂ අධ්‍යක්ෂවරයෙක් වෙනවා කියලත් හඳහනේ තිබිලා තියනවා කියාය. පූසා කීවේ මෝඩිට, ඩිමෝට වගේ දේශපාලනයටයි සිනමාවටයි දෙකටම එකපාර එන්න හැකියාවක් තියෙන්න නැතුව ඇති කියාය. මෝඩි නළුවෙක් නම් නොවිය යුතුයි කියලත් හඳහනේ තිබිලා කී ගිරවාට පූසා කීවේ ඒ අතින් නම් අපේ ඩිමෝට ගහන්න ඇක්ටර් කෙනෙක් තාම ඉපදිලා නැහැ කියාය. පූසා ඩබල් එකේම මතක් කළේ මනේකා ගාන්ධි මං ඔබේ රසිකාවියක් කියලා අපේ ජනාධිපතිතුමාට කියලා තිබුණා කියාය. ගිරවා දුක්බරව කීවේ ඒත් අන්තිමට කාටත් මෝඩිගේ රසිකයන් වෙන්න වෙනවා කියාය.

ඇමතිවරු 45ක් පත් කළ එකෙන් මෝඩිට ජනතාව ගැන තියන උනන්දුව අඩු බව පෙනුණා කී පූසා හතළිස්පස් දෙනෙක් කෝටි 125ක් ගැන බලන එක කරන්න බැරි වැඩක් කියා කීවේය. අනතුරුව ඌ කීවේ ඉන්දියාවේ ජනගහනය ලංකාවේ හිටියා නම් අඩුම වශයෙන් ඇමතිවරු හයදාස් දෙසිය පනහක්වත් පත්කර ගන්න වෙනවා කියාය. පූසා වැඩිදුරටත් කීවේ මෝඩිට උපන් වෙලාවක් නැතත් හඳහන් තුනක් තියනවා ඒකයි මේ වගේ අපිට හිතාගන්න බැරි ජාතියේ වැඩකරන්නේ කියාය. ගිරවා කීවේ ඒකට අපේ බොසා මොන නැකතක උපන්නද කියලා මෙලෝ යකෙකුට කියන්න බැහැ කියාය.

ජනාධිපතිතුමා ලූම්බිණි විදුහලේ විවෘත කිරීමට ගොස් ආපසු ආවේය. එහිදී බන්දුල ගුණවර්ධන කියා තිබුණේ තමන් තරුණ කාලේ සම්බන්ධ වූ උමතුසං වරුසාව කියන නාට්‍යයට අනුව උමතුසං වරුසාවේ තෙමෙන ඕනෑම කෙනෙකුට මාර පිස්සුවක් හැදෙනවා කියාය. ජනාධිපතිතුමා ගෙට ගොඩ වුණෙත් ටිකක් තෙමී ගෙනය. එතුමා කෙළින්ම ගේ තුළට ගිය අතර මෝඩිගේ ට‍්‍රාන්ස්පේරන්සි, ගුඩ් ගවනන්ස් ආදී මාතෘකාවල පූසාත් ගිරවාත් හිරවී සිටියහ. මහා වැස්ස වැස්සේය. ගේ ඇතුළෙන් එකවිටම අමුතු කටහඬක් ආවේ ඔය උමතු සං වැස්සෙන් වතුර බාල්දියක් අරන් තියපල්ලා කියාය. ඒ මොකටද බොස් කියා ඊළ`ගට කවුද බත්බැලයකු අසන හඬ ඇසුණි. බොස් නමැත්තා අනතුරුව භයානක කටහඬකින් කීවේ මෝඩි ලංකාවට ආපු දවසට ඒකෙන් නාවලා ගන්න කියාය.

(Ravaya)

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us