ශ්‍රි ලංකාව දැනට මුහුණ දෙන බරපතලම ප්‍රශ්නය වන්නේ විදේශ විනිමය හිඟ වීමේ ගැටලුවය. රටේ අවශ්‍යතා සඳහා වන ආනයනයන් වෙනුවෙන් ප්‍රමාණවත් විදේශ විනිමය (ඩොලර්) නැත. මේ වන විට රට උපයන ඩොලර් ප්‍රමාණය ආනයනයන් වෙනුවෙන් වැය කරන්න නොහැකි වීමේ අර්බුදය සමනය කරගැනීමට නම් ඩොලර් උපයා ගැනීමේ මාර්ග වර්ධනය කරගැනීම හෝ අලුත් මාර්ග සොයා ගතයුතුය.
පසුගියදා මෙරට ගෑස් හිඟය පිළිබඳ පාර්ලිමේන්තු කෝප් කමිටුව ලිට්‍රො ගෑස් සමාගමේ ප්‍රධානින්ගේ කැඳවා කළ ප්‍රශ්න කිරීම වලදි ගෑස් ගෙන්වීම සම්බන්ධයෙන් වූ ටෙන්ඩර් මගඩියක් ගැන හෙළිදරව් විය. ඒ කෙසේ වෙතත් අදාල ගෑස් ටෙන්ඩරය ඉල්ලුම කළ සමාගමක් සම්බන්ධයෙන් නම කියවුණු අතර එහි නාමය වූයේ ඇවන්ට්ගාර්ඩ්ය. සැබැවින්ම එය Avant Garde- Surface Safety Solutions නම් සමාගමකි.
අගමැතිවරයා පෙන්වා දෙන අන්දමට අපට අද අවශ්‍ය වන්නේ අලුතින් සිතන මතන නව උපාය මාර්ග හඳුනාගනු ලබන අලුත් පරම්පරාවකි.
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුරවැසියකුට සිය හැරමිටිය තමන්ට කැමැති විදිහකට කැරකැවීමේ නිදහස සහ අයිතිය ඇත. එහෙත් ඒ නිදහසත් අයිතියත් අනෙක් පුරවැසියකුගේ නහය කෙළවරින් අවසන් වේ. එනම් නිදහස සහ අයිතිය කියන්නේ අනෙකාගේ නිදහස සහ අයිතියට බාධාවක් නොවෙන විදිහට පාවිච්චි විය යුතු බවය. ප්‍රජතන්ත්‍රවාදි සමාජයක නිදහස සහ අයිතිය සීමා වෙන තැන එතැනය. එසේ නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ නැත.
ජුලි 9 වෙනිදා අගමැති වෙන්න හිටපු අනුරට දැන් මාස 6න් බැහැයිලු..
“අපිට අගමැතිකම දෙනවා නම් අපිට කැමැති කැබිනට් මණ්ඩලය පත් කරගන්න අවස්ථාව දෙනවා නම් අපි මාස හයක් ඇතුළත යම් ස්ථාවරත්වයක් ගොඩනඟලා මැතිවරණයකට ගොස් මේ අර්බුදයෙන් රට ගොඩගන්නවා. ඒ වෙනුවෙන් අපිට සැලැස්මක් තිබෙනවා” යැයි ජවිපෙ නායක අනුර කුමාර මුල් වරට කියනවා දැක්කේ දැන් සසතියකට හමාරකට කලින් යාපනයේ පැවැති ජවිපෙ පක්ෂ සමුලුවකදීය.
මේ රටේ ජනමාධ්‍ය භාවිතය, 'ජඩ මාධ්‍ය' භාවිතයක් නොවන බව නැවත නැවත හුවා දැක්විය යුතු නැත. නිරන්තරයෙන්ම රට වැසියා නොමඟ යැවීම සිදු කිරීම මේ රටේ ජන මාධ්‍ය භාවිතයේ දැනුවත් ප්‍රමුඛ කාර්යය වී තිබේ.
රට අර්බුදයට ගියේ 'සිය රට දේ සිරි සැප දේ' කරන්න යෑම නිසා
අද රටේ මුහුණ දෙන අර්බුදකාරීත්වයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ පෞද්ගලික අංශය කුඩුපටට්ම් කර රජය මඟින් ව්‍යාපාර කරන්න යෑම, වෙළඳපොළ පාලනය කරන්න යෑම බව නැවත වතාවක් ඔප්පු කර තිබේ. රාජ්‍ය ඒකාධිකාරයන් පවත්වාගෙන යෑම නිසා අතිශය දූෂිත රාජ්‍ය යාන්ත්‍රණයක් බිහිවීමට ද හේතු වූ අතර රාජ්‍ය ව්‍යාපාර පාඩු පිට පාඩු ලබමින් ජනතා බදු මුදල් නැති භංගස්ථාන කිරීම සිදුවිය.
විදේශ ශ්‍රමිකයන් සල්ලි එවන්නෙ නැත්තේ බයට ද? ආසාවටද?
අඬන්න ඕන කිරි එරෙන්න කීවාට ඒක හැම තැනටම හරි යන්නෙ නැත. ඉල්ලීම් දිනා ගන්න නම් ඉල්ලීම් ලබා දිය හැකි තත්වයක් තිබිය යුතුය. දැන් තෙල් දියව් ගැස් දියව් කිය කෑ ගැසුවට එහෙම තෙල් ගෑස් ලබා දීමේ හැකියාවක් රටේ නැත. මේ රටේ තෙල් ගෑස් නැත. ඒ විදේශයන්ගෙන් ගෙන ආ යුතුයි. එහෙම ගේන්නත් ඩොලර් අවශ්‍යය. දැන් ඩොලරුත් නැති නිසා ගේන්න වෙන්නේ ණයටය. නැතිනම් ඩොලර් ටිකක් ණයට අරගෙන ගෙන ආ යුතුයි. ඒත් ඩොලර් ණයට දෙන්නත් කෙනෙක් නැත.