කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා සහ මෙරට සියලූම කලාපීය වැවිලි සමාගම්හි (RPCs) සභාපතිවරු අතර පසුගියදා පැවති සාකච්ඡාවකදී වතු ක්ෂේත‍්‍රය සඳහා තිරසාර ඉපැයීම් ආකෘතියක් සහතික කිරීම වෙනුවෙන් වන අවසන් යෝජනාවක් ඉදිරිපත් කරන ලදී.

අම්බලන්ගොඩ පෞද්ගලික බැංකවක සේවකයින් සිව්දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් එම බැංකු ශාඛාව තාවකාලිකව වසා දමා තිබේ.

නිරෝධායනය සඳහා හෝටල්වලට යොමු කෙරෙන පිරිසට යම් ගාස්තු අඩුවීමක් සිදු කිරීමට පියවර ගෙන ඇති බවද යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ගැටළු නිරාකරණය වන තෙක් කිසිදු බාධාවකින් තොරව සහ අඛණ්ඩව වගා කටයුතුවල නිරත වීමට සියලු ගොවීනට පූර්ණ අනුමැතිය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. “ගම සමග පිළිසඳර” 06 වැනි වැඩසටහනට පැමිණ සිටි ගොවි ජනතාව නිරතුරුව මතු කළ ගැටළුව වෙත අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා විසින් මේ තීරණය ගනු ලැබීය.

පාර්ලිමේන්තු විධායක ශ්‍රේණියට අයත් නිලධාරීන් ආහාර ගන්නා භෝජනාගාරයේ සේවය කරන වේටර්වරියකට කොවිඞ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.

බස්නාහිර හා හුදෙකලා ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල උපකාරක පංති ලබන 25 වැනිදා සිට සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව පැවැත්වීමට නියමිතයි.

බස්නානහිර හා හුදෙකලා කළ ප්‍රදේශ හැර දිවයිනේ සෙසු සියලු ප්‍රදේශවල බෞද්ධ දහම් පාසල් හෙට(17) සිට සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව යළි විවෘත කිරීමට නියමිතයි.

දහම් පාසල් පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය නිර්දේශ ගණනාවක් නිකුත් කර ඇති හෙයින් එම උපදෙස් පිළිපදින ලෙස දහම් පාසල් ප්‍රධානාචාර්යවරුන්ගෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම ඉල්ලීමක් කර තිබෙනවා.

-පංචාලි අබේසේකර

රැකබලා ගැනීමේ සහ හෙද අංශවල රැකියා සදහා සෞදි ආරාබිය වෙත ශ්‍රී ලාංකික කාන්තාවන් යොමු කිරීමේ නියමු වැඩසටහනක් සඳහා එරට ප්‍රධාන පෙළේ සමාගමක් එකඟතාව පළකර තිබේනවා .

ld add copy

Connet With Us