කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබු සියලු දුම්රිය සඳුදා (25) සිට සාමාන්‍ය පරිදි නැවත ධාවනයට එක් කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න ඊයේ (21) පවසා තිබෙනවා.

කොරෝන ව්‍යාප්තිය හමුවේ මාස තුනකට අධික කාලයක් අවලංගු කර තිබූ නගරාන්තර ශීඝ්‍රගාමී, තැපැල් ඇතුළු සියලු දුම්රිය මෙලෙස නැවත ධාවනයට එක් කරන බවයි ඔහු පවසා ඇත්තේ

මෙරට සිදුවී ඇති මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ සොයා බලා ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර තිබේනවා. ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තිදෙනා යළි ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර කිරීමට ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් අද (21) නියෝග කර තිබෙන නමුත් වැදගත්ම දේ විත්තිකාර වෙනුවෙන් ශානි කිසිදු නීතිඥ නියෝජනයක්ද සිදුව නොමැති වීම.

නැගෙනහිර පළාතේ I-Road මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සතුටුදායක මටිටමක නොමැති බවත් ඒ හේතුවෙන් ජනතාවගේ අප්‍රසාදයට ලක්වීමට ඉඩ ඇති බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොන්ත්‍රාත්කරුවන්ට පවසා තිබෙනවා.

ශ්‍රීපාද වන්දනාවේ ගිය ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක රගර් කණ්ඩායමක ක්‍රීඩකයින් සිව්දෙනෙකුට කොරෝනා ආසාදනය ව ඇති බවට තහවුරු වී තිබේනවා.

ව්‍යාජ ඔප්පු සකස්කර තලෙයි-මන්නාරම ප්‍රදේශයේ පිහිටි අක්කර 80කට අධික ඉඩමක් විකිණීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදීන් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව ලැබී තිබෙන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් අද විවෘත අධිකරණය හමුවේ දැනුම් දී ඇත.

කොවිඩ් 19 අසාදනය වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර අද දින සම්පුර්ණයෙන් සුවය ලබා නිවසට පැමිණීමෙන් අනතුරුව සිය මුහුණු පොතේ සටහනක් තබමින් සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක් කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ තනතුරුවලට පත්කළ නිලධාරීන් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මිට සුළු වේලාවකට පෙර සිය රාජකාරි ආරම්භ කළා.

ld add copy

Connet With Us