කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව කුවෙට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් 297 දෙනෙකු ඊයේ (18) රාත්‍රී දිවයිනට පැමිණ තිබෙනවා.

මෙරට සමස්ත ජනතාවගෙන් සියයට 50 කට කොවිඩ් එන්නත ලබා දීමට රජය තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබේ.

රංජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධුරය අහෝසි වන බව නීතිපති දප්පුල ද ලිවේරා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය ග්ලූටතයෝන් අණුවේ සංයෝගයක් සහිත නිෂ්පාදන තුනක් තහනම් කිරීමට නියෝග කර තිබේනවා.

එම නිෂ්පාදනයන් වන්නේ ඕස්ට්‍රේලියාවෙන් ෆේසියා-ප්‍රිමියම්, ඉන්දියාවෙන් ලියා-ෆෙයාර්නස් සහ පකිස්තානයේ ෆාමහෙල්ත් වෙතින් ඊවන්ටෝන් සී ය. මෙම වෙළඳ නාම තුනම දැනට ආනයනය කරනු ලබන්නේ 2002 දී ආරම්භ කරන ලද ඖෂධ සමාගමක් වන ඇලරිස් ලංකා (පුද්ගලික) සමාගම විසිනි.

එබැවින් එම අණු අඩංගු සියලුම නිෂ්පාදන රාජසන්තක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා රේගුවට නියෝග කර තිබේ.

එම නිවේදනය පහතින් දැක්වේ.

-පංචාලි අබේසේකර

note

සති දෙකකට වඩා හුදකලා කර ඇති ප්‍රදේශවල පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පත් ගෙවීම සදහා මාස 6ක සහන කාලයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේනවා.

සේවකයින්ගේ අවම වේතනය පිළිබඳ පනත සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර තිබේනවා.

රටේ ඇති වී තිබෙන වර්තමාන දේශපාලන ක්‍රියාකාරීත්වය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා වහාම යෝජනා කරන්න ලෙස මහා සංඝ රත්නය ඉල්ලීමක් කර තිබෙන බව එක්සක් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ප්‍රකාශ කර තිබේ.

උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව උගන්වන පාසල් සියයකට අධික ප්‍රමාණයකට එම තාක්ෂණවේදය ඉගැන්වීම සඳහා විද්‍යාගාර පහසුකම් නැති බව අනාවරණය වේ.

ld add copy

Connet With Us