22 වන ව්‍යවස්ථා සංශෝධනයට ආණ්ඩු පක්ෂයේ බෙදීමක්

Published in පුවත්
Tuesday, 04 October 2022 09:29

මෙම සතියේ විවාදයට ගැනීමට සැලසුම් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳව තවදුරටත් අධ්‍යයනයක නිරත වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ වෙත දැනුම් දී ඇති බවට වාර්තා වෙයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (03) රැස් වී ඇති අතර, එහි දී 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව දීර්ඝ වශයෙන් සංවාදයට ලක්කර තිබේ.

පසුගිය මස 29 වනදා කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වුණේ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාදය මේ මස 06 සහ 07 පැවැත්වීමට ය.

කෙසේ වෙතත් ඊයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී මේ මොහෙතේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බවට මන්ත්‍රීවරුන් රැසක් කරුණු දක්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එහි දී පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කර ඇත්තේ, ජනාධිපතිවරයා සතු බලතල රටට මේ මොහොතේ අවශ්‍ය වන බව ය.

එමෙන්ම එම බලතල අත්හැරීමට මෙය සුදුසු අවස්ථාවක් නො වන බවත් රට ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයා සතු බලතල අවශ්‍ය බවටත් ඔහු පෙන්වා දී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ මේ මොහොතේ සිතිය යුතු අවස්ථාවක් නො වන බවට ද එම ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 30කට වැඩි පිරිසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට විරුද්ධත්වය පළ කර ඇති බවත් වාර්ථා වේ.

එවන් පසුබිමක ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හොත් ඊට පාර්ලිමේන්තුවෙන් සුභවාදී ප්‍රතිචාරයක් නො ලැබෙනු ඇති බවට එම මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබේ.

එමෙන්ම එය ජනාධිපතිවරයාට ද ගැටලුවක් වනු ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඊයේ (03) පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී පෙන්වා දී ඇත.

එවන් පසුබිමක 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එහි ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම අධිකරණ අමාත්‍යවරයා වෙත භාරදිය යුතු බවට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙහි දී පෙන්වා දී තිබේ.

මේ අතර විවාදයට ගැනීමට නියමිත මෙම පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා විෂය භාර අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වීමට නියමිතය.

එහි දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වනු ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us