නාමල්ව පුනරුත්තාපනය කරන්න පියවර !   Featured

Published in පුවත්
Saturday, 08 October 2022 11:41

රාජපක්ෂ පවුල් පාලන තන්ත්‍රයේ මීලඟ පුරුක ලෙස ඉදිරියට පැමිණ සිටින නාමල් රාජපක්ෂට පාර්ලිමේන්තු ජාතික සභාව විසින් නව වගකීමක් පවරා ඇත. මෙය එසේ මෙසේ වගකීමක් නොවේ. ශ්‍රි ලංකාව රටක් විදිහට බංකොලොත් වීමට ප්‍රධාන වශයෙන් බලපා තිබුන්නේ රටට ගැලපෙන ජාතික ප්‍රතිපත්ති මත පාලනතන්ත්‍රයන් පවත්ගෙන නොයෑමය.

ආණ්ඩුවෙන් ආණ්ඩුවට පාලකයාගේ නැතිනම් ඇමැතිගෙන් ඇමැතිට මේවා හුදු දේශපාලනික හෝ අතට ලැබෙන කොමිස් මුදල් අනුව වෙනස් විය. විශේෂයෙන්ම රාජපක්ෂ පාලන සමයන්හීදී මෙම තත්වය පැහැදිලිව පෙන්නුම් කර තිබේ. රට බරපතලම අර්බුදයකට ඇද දැමු බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම සහ රසායනික පොහොර භාවිතය තහනම් කිරීමේ මුග්ධ ප්‍රතිපත්තිමය තීරණ ලෙස හැඳින්විය හැකිය. හදිස්සි තීන්දු ලෙස කිසි වග විභාගයක් නැතිව ගන්නා මෙවැනි පියවරවල් නිසා රටේ ගමන ස්‍රීයෙන් අඩාල විය.

එම නිසා රටක ජාතික ප්‍රතිපත්ති තීරණය කිරීම සම්බන්ධයෙන් තිබිය යුතු විධික්ර්මය විද්‍යාත්මක පිළිවෙත පවා මුලින්ම සකස් කරගැනීමට අද සිදුව තිබේ. රාජපක්ෂවරුන්ට මෙම ප්‍රතිපත්ති තීරණය කිරීමෙහි පරිචයක් කිසිදා තිබුණේ නැත.මේ අනුව නාමල් රාජපක්ෂට රටේ යම්කිසි හෝ ප්‍රතිපත්ති තීරණය කිරීමේ කමි‍ටුවක ප්‍රධානත්වය ලැබීම ඔහුව දේශපාලනික වශයෙන් පුනරුත්තාපනය කිරීමකට සමානය.

කොහොම නමුත් වත්මන් ජනාධිපතිවරයා රටට ජාතික ප්‍රතිපත්ති වල ඇති වැදගත්කම කාලන්තරයක් තිස්සේ අවධාරණය කර තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු ජාතික සභාව පිහිටු වීම සිදු කළේම මෙම ප්‍රතිපත්ති නිර්මාණය කිරීමට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ භේදකින් තොරව සහභාගිත්වය සහතික කර නිවැරදිම දේ හඳුනා ගැනීම වෙනුවෙනි. දේශපාලන මතවාද සහ වෙනත් ප‍ටු වුවමණාවන් මත සිට ඇණ කොට ගන්නවා වෙනුවට නිවැරදි දේ සාකච්ඡාවෙන් සම්මුතියෙන් එකඟත්වයකට පැමිණීම රටත් ජනතාවත් සම්බධයෙන් ඉතා ප්‍රගතිශීලි පියවරකි.

මේ අනුව කෙටි, මධ්‍ය හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත්කර තිබේ. සාගර කාරියවසම් මන්ත්‍රීවරයා එම අනු කමිටුවේ සභාපති ධුරය සඳහා නාමල් රාජපක්ෂගේ නම යෝජනා කර ඇත. විදේශ ඇමැති අලි සබ්රි එය ස්ථිර කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

රාජ්‍ය පරිපාලනය, සෞඛ්‍ය ප්‍රතිපත්ති, අධ්‍යපන ප්‍රතිපත්ති, ධීවර හා ආහාර ප්‍රතිපත්ති, විදුලිබල සහ බලශක්ති ප්‍රතිපත්ති, දේශගුණික විපර්යාසයන් පිළිබඳ ප්‍රතිපත්ති සහ ව්‍යවසායකත්වය පිළිබඳ ප්‍රතිපත්ති නවිකරණය කිරීමට අදාළ අදහස් සහ යෝජනා ලබාගැනීම සඳහා එම ක්ෂේත්‍රයන්හි විශේෂඥයන් අනු කමිටුව හමුවට කැඳවීමට සාමාජික මන්ත්‍රීවරුන් එහිදී එකඟතාව පළකර තිබේ.

එම අදහස් හා යෝජනා අනුව කෙටිකාලීන යෝජනා මසක් ඇතුළතත්, මධ්‍යකාලීන යෝජනා දෙමසක් ඇතුළතත් දීර්ඝකාලීන යෝජනා තුන් මසක් ඇතුළතත් ජාතික සභාව වෙත ඉදිරිපත් කිරීමටත් එම අනු කමිටු සාමාජිකයෝ එකඟ වී ඇති බව සඳහන් වේ.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us