පෝෂණය සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කෙරේ

Published in පුවත්
Saturday, 08 October 2022 11:05

පෝෂණය සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් එම කාර්ය සාධක බලකාය පිහිටුවීම සිදුවෙනු ඇත.

රට තුළ ජනතාවගේ පෝෂණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ඊයේ (07) පැවති සාකච්ඡාවක දී මෙම පියවර ගැනිණි. අදාළ කාර්ය සාධක බලකාය සඳහා සායනික පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එම කාර්ය සාධක බලකායේ සාමාජිකයින් ලෙස පෝෂණවේදය ඇතුළු ඒ ඒ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුම ඇති වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් පත් කිරීමට නියමිතය. මෙයට සමගාමීව 2022 - 2024 හදිසි පෝෂණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ ඔස්සේ දිවයින පුරා ඒ ඒ වයස් කාණ්ඩ ඇතුළු විවිධ කාණ්ඩ ඔස්සේ එය ක්‍රියාත්මක කෙරේ.

මෙහි මූලික පියවර ලෙස ඉදිරි සතිය තුළ දිවයිනේ එක් පළාතක් තෝරා ගනිමින් අදාල පෝෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර අනතුරුව එය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ ය.
පෝෂණ මාසය (ඔක්තෝබර්)මේ වන විට ආරම්භ කර ඇති හෙයින් ඒ සඳහා වන වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට පියවර ගෙන තිබේ. රෝහල්හි ආහාර සුරක්ෂිතතාව පිළිබඳවද අවධානය යොමු කරමින් කිසිදු අඩුපාඩුවකින් තොරව පෝෂණ ගුණය රැකෙන පරිදි දිවයිනේ සෑම රෝහලකම ආහාර ලබාදීමේ වැඩසටහන කාර්යක්ෂම කිරීමට ද මෙහිදී අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

මෙම වැඩපිළිවෙළට සමගාමීව දිවයින පුරා සියලු දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ ග්‍රාමීය රාජ්‍ය නිලධාරීන් හරහා අවශ්‍යතා සහිත පවුල් හඳුනා ගනිමින් මෙම වැඩපිළිවෙළ තවදුරටත් කාර්යක්ෂම කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමටත් ,එහි දී මේ හා සම්බන්ධ කෘෂිකර්ම , වෙළඳ, අධ්‍යාපන හා ධීවර ඇතුළු අනෙකුත් අමාත්‍යාංශයන්හි ඒ්කාබද්ධතාවය ලබාගැනීමටත් තීරණය විය.

ගෝලීය කොවිඩ් ව්‍යසනය තුළ සෞඛ්‍ය සේවාවේ සෑම පිරිසක්ම තරාතිරම නොබලා එය ජාතික කර්තව්‍යයක් ලෙස සලකා ඒ වෙනුවෙන් කැපවූ බවත් වත්මන් අභියෝගය ද එවැනිම භාරදූර වගකීමක් බැවින් එය ක්‍රියාත්මක කිරීම සඳහාද සෞඛ්‍ය සේවාවේ සියලු පිරිස් එක්ව කටයුතු කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන , පෝෂණවේදී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us