මහා පරිමාණ මූල්‍ය වංචා විවිධ දූෂණ සහ අපරාධවලට සම්බන්ධ දේශපාලනඥයන් ඇතුළු බලවතුන් රටින් පැන යැම වැළැක්‌වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහජන සාමය හා ක්‍රිස්‌තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා ආගමන විගමන දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
මෛත්‍රීපාලනයේ ක්‍රීඩා ඇමැතිධුරය සංචාටක අමාත්‍ය නවීන් දිසානායක මහතාට ලබා දීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.
යුනිසෙෆ් ආධාර වලින් මහින්දට උපන්දින සුබපැතුම් එක්කළ අයත් තනතුරුවල(video)
සාධාරණ සමාජයක් උදෙසාවූ වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය සාකච්ඡාවක් අද(19) පැවැත්වින. එහිදී අදහස් දක්වමින් සමන් රත්නප‍්‍රිය මහතා පැවසුවේ පසුගිය අට වෙනිදා තෙක් පොරොන්දු වූ සියල්ල නව ආණ්ඩුව මගින් ඉටුකරවා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව බවයි.ජනාධිපති, අගමැති ආදී වශයෙන් වන ඉහළ තනතුරු වෙනස් වූවද මේ වන තෙක් පහළ මට්ටමේ දූෂිතයින් වෙනසවී නොමැති නිසා පාලනයේ වෙනසත් පොදු ජනතාවට නොදැනෙන බව ඔහු පැවසුවේය.
කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය තුළ ඉදිවන ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අයත් පර්යන්තය වන්නේ (E.C.T) නැගෙනහිර පර්යන්තයයි. දකුණු කොළඹ වරාය සංවර්ධන ව්‍යාපාරය යටතේ එහි නැගෙනහිර කොටසේ නව පර්යන්තය සංවර්ධනය සදහා අවශ්‍යකරන දොඹකර ගෙන්වීමට අදාළ මිල ගනන් මේ වන විට කැදවා ඇත.
ප්‍රභාකරන්ගෙන් රට බේරාගැනීමට අවුරුදු 02යි මාස 09 ගත වූ බවත්, දකුණේ ත්‍රස්තවාදියාගෙන් රට බේරගැනීමට අවුරුදු 02යි මාස 08 ක් ගත වූ බවත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පැවසීය.
විදුලි සංදේශ නියාමන කොමිසම, අනූෂ පැල්පිටගේ ගෝලයාට බාර දෙයි.
විදෙස් අමාත්‍ය මංගල සමරවීර මහතා අද(19) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග හමුවිය.
ලංකා සතොස ආයතනය තුළ මත්පැන් අලෙවි කිරීම තහනම් කිරීමට ආහාර සුරක්ෂිතතා පිලිබඳ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා තීරණය කර ඇත.