"දකුණු ආසියාවේ උරුමය, දැනුම පදනම් කරගත් ආර්ථිකයයි"- අබ්දුල් කලාම්

Published in පුවත්
Thursday, 11 June 2015 09:32

ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි ඉතා දීර්ඝ ශිෂ්ඨාචාරමය ඉතිහාසයක් ඇති දකුණු ආසියානු රටවලට දැනුම පදනම් කරගත් ආර්ථිකය ඓතිහාසික උරුමයක් බව ඉන්දියාවේ හිටපු ජනාධිපති හා ශ්‍රේෂ්ඨ විද්වතෙකු වන ආචාර්ය අබ්දුල් කලාම් මැතිතුමා පසුගිය ජූනි 08 වැනිදා ප්‍රකාශ කළේය. එතුමා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, ඒ මහතාගේ දිල්ලි නිල නිවසේදී හමුවූ අවස්ථාවේදීය.

එළැඹෙන ජූනි 26-27 දෙදින තුළ කොළඹ දී පැවැත්වීමට නියමිත “දැනුම පදනම් කරගත් ආර්ථිකයක් සඳහා වූ බලශක්ති ප්‍රවේශය“ නම් වූ ජාත්‍යන්තර වැඩමුළුවේ මුඛ්‍ය දේශනය සඳහා ආචාර්ය අබ්දුල් කලාම් මැතිතුමාට නිල වශයෙන් ආරාධනා කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා එතුමාගේ නිල නිවසේදී හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කෙරිණි.

එහිදී තවදුරටත් අදහස් දැකුවූ හිටපු ඉන්දීය ජනාධිපතිතුමා,

“ලෝකය සිය තාක්ෂණික දියුණුවේ එක්තරා කඩඉමකට දැන් පැමිණ ඇත. තෙල්, ගල්අඟුරු, ගෑස් දහනය නිසා ඉතා බරපතල පාරිසරික ප්‍රතිඵල මතුවී ඇත. මේවාට විද්‍යාත්මක විසඳුම් සෙවීම මෙන්ම සමාජ විසඳුම් සෙවීමද අද මිනිස් සමාජයේ ප්‍රබල මෙන්ම මූලික අවශ්‍යතාවයක් වී තිබේ. ජල විභවය, සුළං බලය හා සූර්ය ශක්තිය විකල්ප බලශක්තීන් ලෙස යොදාගත යුතුය. ඒ සඳහා සමස්ථ සමාජය සූදානම් කිරීමද සිදුවිය යුතුය. එහෙයින් තමා ඉතා සතුටින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බලශක්ති සමුළුවට සහභාගීවන බව“ හිටපු ඉන්දීය ජනාධිපති අබ්දුල් කලාම් මැතිතුමා පැවසීය.

මේ අතර අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ “මේ සියවස තුළම මානවයා විසින් සිය සංවර්ධන උපායමාර්ගය වෙනස් කරගත යුතු බවය. නැත්නම් එය ඔවුන්ගේ ශිෂ්ඨාචාරය පමණක් නොව, ජීවමය අවසානයද විය හැකි බවය. පරිසර හිතකාමී දර්ශනයන් බිහිකළ දකුණු ආසියානු සම්ප්‍රදායෙන් අනාගතය සඳහා උගත හැකි පාඩම් රැසක් ඇති බවත් බුදුසමය, හින්දු සමය, ජෛන සමය ආදී ආගම් රැසකින් ඇතිකළ පරිසර හිතකාමී දැනුම් පද්ධති නැවත නවීකරණය කර යොදාගත යුතු කාලය එළඹ ඇති බවත්, ආචාර්ය අබ්දුල් කලාම් වැනි ශ්‍රේෂ්ඨ විද්වතෙකුගේ ශ්‍රී ලංකා ගමන ඒ සඳහා ඉමහත් පිටිවහලක් වනු ඇති බවත්“ ඒ මහතා ප්‍රකාශ කළේය.

1

 

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

ක්‍රීඩා

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) ක්‍රියාත්මක...

Connet With Us