subash

subash

හම්බන්තොට දේශපාලනයේ රාජපක්ෂවරුන්ට අභියෝගයයක් වූ වත්මන් දේශපාලනඥයා මහින්ද අමරවීරය.

ඇමැති මණ්ඩලය අවුලක් වාගේ පේන්නේ අපටය. ඒත් මීට වඩා අවුලක් කර නොගෙන සමහර දේවල් බේරගන්නට වී තිබෙන අමාරුව දන්නේ අප නොවේ ඔවුන්ය.

ප්‍රගීත් එක්නැලිගොඩ ගේ අතුරුදන් වීම සම්බන්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වන පරීක්ෂණ අරබයා එල්ල වෙමින් තිබෙන බාධාකිරීම් වැඩි වී තිබෙන බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.


නපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී ජාතික ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම මිට මොහොතකට පෙර සිදුවිය

කොළඹ හයිඩ් පාක් හි පිහිටි ආපිකෝ රථ ගාලේදී BMW රථයකින් පැමිණි පුද්ගලයකු රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකුට පරුෂ වචනයෙන් බැන වැදී පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා දැඩි නීතිමය පියවර ගන්නා ලෙස පොලීසියට උපදෙස් දී ඇත.

කැබිනට් ඇමතිවරු තිදෙනෙකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ.

ඒ පහත පරිදිය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරන් 7 ක් සහ සිවිල් නියෝජිතයන් තිදෙනෙකුගෙන් සමන්විත 8 වන පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව සඳහා, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ එකම නියෝජිතයා වශයෙන්, මහා නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පත්කෙරේ.

රජය විසින් වැඩි මිළකට මිළදී ගනිමින් සිටින වී තොග සහල් කර වෙළඳ පොළට එක් කිරීමේ අවස්ථාවක් නොමැති බව එම ක්ෂේත්‍රය සම්බන්ධ විද්වතුන් පෙන්වා දෙයි. මේවන විට සම්බා වී රුපියල් 50 කටත් නාඩු රුපියල් 45 වශයෙන් රජය මිල දී ගනිමින් සිටී. එක් වී ගොවියකුගෙන් කිලෝ ග්‍රෑම් 2000 ගනනේ මෙම මිල දි ගැනීම සිදු කරයි. පසුගිය කන්නයේ මිළදී ගත් වී තොග වලින්ද ගබඩා පිරී පවතීම රජය දැඩි අපහසුවට පත් කර ඇති අතර එම වී තොග සහල් කර වෙළඳපොළට එක් කිරීමේ හැකියාවක්ද නැති බව පැවැසේ.

රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් 45 දෙනෙකු අද දිනයේ පස්වරු 02.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බවට වාර්තා වේ.

ඉන් 27 දෙනෙකු එක්සත් ජාතික පක්‍ෂයෙන්ද ඉතිරි 18 දෙනා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ද දිවුරුම්දීමට නියමිත බවයි තවදුරටත් වාර්තා වන්නේ.

නිවැරදි මාර්ගෝපදේශකත්වය සහ නිවැරදි නායකත්වය ඇතොත් ශ්‍රී ලාංකීය ජනතාවට විනයගත සමාජයක් සේ කටයුතු කළ හැකි බව පසුගිය මහ මැතිවරණය මගින් සාර්ථක අන්දමින් පෙන්නුම් කෙළේය. මෛත්‍රී-රනිල් සුසංයෝගය රටටත්, ලෝකයාටත් ඔප්පු කෙළේ එයයි. නිදහස් මැතිවරණ කොමිසමක් සහ ස්වාධීන පොලීසියක් ප්‍රජාතන්ත්‍රවාදයකට අත්‍යාවශ්‍ය කෙරේ. රට ඉදිරියට ගෙන යාමට සහ ඉදිරි මාස 60 ක කාලය තුළ අගමැතිවරයාගේ දැක්ම යථාර්ථයක් කර ගැනීමට නම්, ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රකාශයට පත්කළ ‘2015 ආර්ථික සහ සමාජ සංඛ්‍යා ලේඛන දත්ත’ අනුව, පහත සඳහන් කරුණු කෙරෙහි දැඩි අවධානය යොමු කිරීම වැදගත් ය.

Connet With Us