පසුගිය ජනාධිපතිවරණයේදී ත් මහ මැතිවරණයේදීත් මෛත්රීපාල සිරිසේන මහතාට යම් සහයක් දක්වමින් කටයුතු කළද හම්බන්තොට දිස්ත්රික්කයේ දෙවැනුවට වැඩිම මනාප රැගෙන පාර්ලිමේන්තුවට පිවිසීමට ඔහු වරම් ලැබීය. සිරිසේන මහතාට සහය දැක්වූ ශ්රී ලනීපය කණ්ඩායමෙන් (අප්පච්චි මළා කණ්ඩායම) මෙවර පාර්ලිමේන්තුවට යෑමට හැකිවූයේ මහින්ද අමරවීර, අනුරධපුරයේ දුමින්ද දිසානායක හා කුරුණැගල දයාසිරි ජයසේකර යන මන්ත්රීවරුන්ට පමණය.
කෙසේ නමුත් ඊයේ කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති ප්රකට පාවහන් නිශ්පාදකයකුගේ දියණියගේ විවාහ මංගල්යෝත්සවටට මහින්ද රාජපකෂ මහතාටත් මෛත්රීපාල සිරිසේන මහතාටත් ආරධනා ලැබ තිබිණි. මහින්ද අමරවීර මහතාට හිටපු ජනාධිපතිවරයා හා වත්මන් ජනාධිපතිවරයා හමුවන්නේ එහිදීය.
තමන්ගේ දේශපාලන පසමිතුරා වූවාද සෙල්පියක් දාගෙන තිබීම අනාගතයට ප්රයෝජනවත් වනු ඇතැයි අමරවීර මහතා කල්පනා කාරන්නට ඇත.
මේ ඡායාරූපයේ පසෙකින් සිටින්නේ අමරවීර මහතාගේ පුත්රයා පසන් අමරවීරය.