'මිල්කෝ' කිරි ටැංකිවලට විෂ මිශ්‍රවෙලා !

Published in පුවත්
Thursday, 10 September 2015 08:50

මිල්කෝ සමාගමට අයත් පොලොන්නරුව ගල්ලෑල්ල කර්මාන්ත ශාලාවේ ගබඩා කළ කිරි ටැංකිවලට විෂ රසායනිකයක් මිශ්‍ර වී ඇතැයි වාර්තා වේ.

පොලොන්නරුව දිස්ත්‍රික්කය පුරා සිටින සහ අවට දිස්ත්‍රික්කවල සිටින කිරි දෙනුන්ගෙන් දොවා ගන්නා කිරි තොග ‍රැස් කර තබන ටැංකිවලට මෙසේ විෂ රසායනිකයක් මිශ්‍රවී ඇතැයි සේවකයෝ කියති.

ලීටර් 6000 ක පමණ කිරි තොගයක්‌ මේ හේතුවෙන් ප්‍රයෝජනයකට නොගෙන ඉවත දැමීමට සිදුව ඇතැයි එහි සේවකයෝ කියති.

මේ නිසා මිල්කෝ සමාගමට දරන්නට සිදුවන පාඩුව රුපියල් ලක්ෂදහය ඉක්මවන බවත් මෙවන් අවාසනාවන්ත සිද්ධීන් කිහිපයක්ම විටින් විට පසුගිය සමයේ සිදු වූ බවත්, මේ අන්දමට කිරි තොග විශාල වශයෙන් ඉවත දමා තිබෙන බවත් සේවකයෝ වැඩි දුරටත් කියති.

පාලනාධිකාරියේ අධූරදර්ශී ක්‍රියා නිසා මෙසේ සිදුවන බවට සේවකයෝ චෝදනා කරති.

මේ පිළිබදව එහි සාමාන්‍යාධිකාරි සුදත් මුණසිංහ මහතා ගෙන් අප කළ විමසුමක දී ඔහු පැවසුවේ කිරි ලීටර් 6000 කට ආසන්න ප්‍රමානය කට පිරිසිදු කිරීමට ගෙනා රසායනික ද්‍රව්‍යක් කලවම් වී ඇති බැවින් එම කිරි තොගය ඉවත දැමීමට සිදුවන බවයි.

මේ සම්බන්ධයෙන් පරීක්‌ෂණයක්‌ පැවැත්වෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.

srilankamirror

Last modified on Thursday, 10 September 2015 08:53

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us