හවුලට අවුලක් නැත. අවුල තිබෙන්නේ රට්‍ටුන්ටය

Published in පුවත්
Wednesday, 09 September 2015 16:43

ඇමැති මණ්ඩලය අවුලක් වාගේ පේන්නේ අපටය. ඒත් මීට වඩා අවුලක් කර නොගෙන සමහර දේවල් බේරගන්නට වී තිබෙන අමාරුව දන්නේ අප නොවේ ඔවුන්ය.

ඇමැති මණ්ඩලයට සන්ධානයේ නියෝජිතයන් පත් කිරීම සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ලා වීම සාධාරනය. එහෙත් ජනාධිපතිවරයාට සන්ධානය කෙසේ වෙතත් ශ්‍රී ලනීපය දෙකට කැඩීම වලක්වා ගැනීමේ අභියෝගය දරුණුවට තිබේ. මෙම ඇමැති මණ්ඩලයට නියෝජිතයන් නම් කිරීමේදී ඒ බව ඉතා පැහැදිලිව පෙනේ. එක්සත් ජාතික පක්ෂයේ ඇමැති කට්‍ටුව දෙස බැලුවද රනිල් වික්‍රමසිංහ මහතාද තමන්ගේ නායකත්වයට අභියෝගයක් විය හැකි පිලිකා කාරකයන් ඈත් කිරීමට කටයුතු කර තිබෙන බව පෙනේ.

ජනාධිපතිවරයා මේවන විටත් බොහෝ තත්වයන් පාලනය කිරීමට සමත්ව තිබෙන බවත් පැහැදිලිය. එහෙත් ජනතාව මේ දෙස බලන්නේ ඔවුන්ගේ පැත්තෙන් බවත් ඔවුන්ව පිනවන ආකාරයේ තීන්දු තීරණද අවශ්‍ය බවත් ජනාධිපතිවරයා තේරුම් ගත යුතුය. මෙහිදී විවිධ චෝදනා ලැබූවන්ට ඇමැතිකම් දීම ගැන ජනතාවගේ පැත්තෙත් මීට වඩා සිතුවා නම් ජනාධිපතිවරයා පතන නැතිනම් ජනතාව ඉදිරියේ සපත කළ යහපාලනය ගැන බලාපොරොත්තු තවදුරටත් දල්වා ගැනීමට ජනතාවට හැකියාවක් තිබිණි.

එහෙත් දැන් තත්වය අවුල් වී තිබේ. කිසිවකිත් මේ ඇමැති මණ්ඩලය පිළිගන්නේ නැත. එනම් මේ පාලනයද පිළි නොගන්නවා බවය.

අවසන් වශයෙන් අපටද පාලකයනට කියන්න ඇත්තේ හෙට දවසේදී මේ පාලනය එරෙහිව වන බොහෝ ජනතා අරගල වලට මුහුණ දීමට සූදානමින් සිටින ලෙසය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us