ජාතික ආරක්ෂාවේ නමින් කාටවත් මිනී මරන්න දෙන්න බෑ, සීඅයිඩි ය තද තීරණයක

Published in පුවත්
Wednesday, 09 September 2015 16:02

ප්‍රගීත් එක්නැලිගොඩ ගේ අතුරුදන් වීම සම්බන්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වන පරීක්ෂණ අරබයා එල්ල වෙමින් තිබෙන බාධාකිරීම් වැඩි වී තිබෙන බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මෙම බාධාවන් නිසා මෙම පරීක්ෂණ කටයුතු ඉදිරියට නොකෙරෙනු ඇති බවට පැතිර යන ආරංචි හේතුවෙන් අප කළ විමසීමකදී එම දෙපාර්තමේන්තු වේ ඉහළ නිලධාරියකු පැවැසූවේ ජාතික ආරක්ෂාවට මුවා වී කිසිවකුටත් මිනී මැරීමට අවසරයක් නැති බවත් අවශ්‍ය රාජකාරියෙන් හා නීතියට පිටින් කටයුතු කර ඇති සියළුම ආරක්ෂක අංශ සාමාජිකයන්ට එරෙහිව කටයුතු කරන බවය.

එහෙත් පසුගිය සඳුදා යුධ හමුදා බුද්ධි අංශය විසින් පවත්වා ගෙන ගිය ගිරිතලේ රහස් කඳවුර පරික්ෂා කිරීමටත්, එම සිද්ධි දාමයට අදාල බුද්ධි තොරතුරු ලබා ගැනීමටත් යුද හමුදාවට නියෝගයක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමද ප්‍රතික්ෂේප විය.

ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන්වීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුව පෙරේදා යළි කැඳවූ අවස්ථාවේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට එරෙහිව යුධ හමුදාව වෙනුවෙන් ඉදිරිපත්වූ නීතිඥයින් කළ කරුණු දැක්වීම් සලකා බලා මහේස්ත්‍රාත්වරයා සිය තීරණය ප්‍රකාශ කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලීමට ඉටුකළහොත් රහස් බුද්ධි තොරතුරු රැසක් අනාවරණය වීමේ ඉඩක් තිබෙන බවත්, එය ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් විය හැකි බවටත්, හමුදාව වෙනුවෙන් ඉදිරිපත්වූ නීතිඥයින් කරුණු දැක්විය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත් වරයා මෙම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයා ගෙන් නියෝගයක් රැගෙන එන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

යුධ හමුදා බුද්ධි අංශය විසින් මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ගිරිතලේ රහස් කඳවුරකදී ප්‍රශ්න කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ගෙන ඇතැයි පැවසේ.

Last modified on Wednesday, 09 September 2015 16:35

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us