subash
බුද්ධාගම ව්‍යවස්ථාවෙන් හලන්නට කාලය පැමිණ ඇත - තිසුරි වන්නිආරච්චි
විශ්වය කියන්නේ මහ පුදුම දෙයක්. අපි මේ ලෝකයට පැමිණෙන්න කලින් තිබුණු විශ්වය අපි මේ ලෝකෙන් යනකොටත් ඉන්ද්‍රකීලයක් මෙන් නොසැලී සිටි. අද ලෝකයේ ජීවත් වන මිනිසුන් විශ්වයේ දවසක, තප්පර දශමයක් පමණ වටි. මෙතරම් දැවැන්ත විශ්වය ඉදිරියේ පොළොවෙ පයගසා සිටින්න උදවු කරන්නට අපට ලැබුණු අනර්ග අත්පොතකි බුද්ධ ධර්මය.
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලුවේ කවුද යනුවෙන් දැන් සමහරක් තක්කඩියන් විසින් ප්‍රශ්න කරන්නට පටන් ගෙන තිබේ. ඊයේ පෙරේදා රතන සාදුගෙන් මාධ්‍යවේදියෙක් කළ ප්‍රශ්න කිරීමක දී ඔහු කියා තිබුණේ දෙයියෝ දනී කියාය..රතන සාදුට ඒ ප්‍රශ්නයට කෙළින් පිලිතුරක් දිය නොහැක. මන්ද එවිට තමන් සඟවාගෙන සිටින තක්කඩි කම එළියට එන බැවිනි.
පසුගිය දා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති “වියත්මග” නම් වූ උත්සව සභාවක දී හිටපු හමුදා නිලධාරියකු පවසා ඇත්තේ අලුත් ව්‍යවස්ථාවට සහයෝගය දක්වන සියලු දෙනා මරා දැමිය යුතු බවය. 88 - 89 භීෂණ යුගය යළි සිහිගන්වමින් ඔහු වැඩිදුරටත් `දේශද්‍රෝහීන්ට මරණය` යන ලේබලය ගසා එය කළ යුතු බවත්, එසේ මරා දමනවුන්ගේ දේහයන් දණහිසෙන් ඉහළට නොගත යුතු බවත්, ගෞරව නොදැක්විය යුතු බවත් පවසා ඇත.
මහින්ද පැරදිලා ගෙදර ගිහින් පැවැත්වූ ඓතිහාසික ජනේලය උඩ දේශනාවේදී යෝජනා වුයේ මුන්ව මරල හරි බලය ලබා ගමු කියාය..ඒ යොජනාවට අනුව ගෝල බාලයෝ දැන් හැසිරෙන්නට පටන් ගෙන තිබේ..
රුපියල් කෝටි 26 ක වටිනාකම පෙන්වා මියන්මාරයෙන් ඇතෙකුගෙන්වීම සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය ඔස්සෙ කළ හෙළිදරව් කිරීමට අදාලව දියවඩන නිලමේ දැල බණ්ඩාර කියන්නේ ඒ අසත්‍ය පුවතක් බවය. ඒ ඇත්තය මන්ද මියන්මාරය මේ ඇත්තු ලබා දී ඇත්තේ නොමිලයේය. 2007 වසරේදී මියන්මාරය ශ්‍රීලංකාවට ඇත්තු 5 දෙනෙකු නොමිලයේම ලබා දීමට පොරොන්දු වී ඇති අතර ඒ අනුව පසුගිය අගෝස්තු මාසයේදී 4 වන ඇතා මෙරටට ලැබිණි. 2007 ජුලී මස 12 වනදා මේ කෝටි 26 ඇතා මෙරටට පැමිණියේය.
පාර්ලිමේන්තුවේ සිටින එකම ද්විත්ව පුරවැසියා ගීතා පමණක් බව තහවුරු වේ
වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතරින් ද්විත්ව පුරවැසේ භාවය ලබා සිටින්නේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පමණක් බව ආගමන විගමන දෙපාර්ථමේන්තුව විසින් තහවුරු කර ඇත.
උමා ඔය විනාශකාරී ව්‍යාපෘතිය තිරසාර ව්‍යාපෘතියක් බවට පත් කිරීම
ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති අතුරින් වැඩි ම පාරිසරික හා කෘෂි වගා බිම් විනාශය මෙන්ම වැඩි ම ජනතාවක් අවතැන් කළ ව්‍යාපෘතිය වන්නේ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘති යයි. මෙම ව්‍යාපෘතියේ භූගත උමං කැණීම හා වේලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු හේතුවෙන් බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක දෙකට අයත් බණ්ඩාරවෙල, හාලි ඇළ, වැලිමඩ, ඌවපරණගම, ඇල්ල හා වැල්ලවාය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත් වන පවුල් 7450 ක් පමණ මේ වන විට බලපෑමට ලක් ව අවතැන්ව සිටී.
වැඩියෙන් වියදම් කරන එකා දිනන එක වලක්වන්න පැෆරල් යොජනාවක්
දේශපාලන පක්‍ෂ,ස්වාධීන කණ්ඩායම් හා අපේක්‍ෂකයින්ගේ මැතිවරණ ප්‍රවර්ධන වියදම් සීමා කිරීම සඳහා වූ ආදර්ශ කෙටුම්පතක් පැෆරල් සංවිධානයේ මුලිකත්වයෙන් සකස් කර තිබේ.
1971 වසරේ "ශීතල යුධ" සමයේ ගුවන් යානා ප්‍රහාර වලින් ආරක්ෂා වීම සදහා නිවස්නක් ඉදි කිරීමේ අරමුණින් චීනයේ දකුණු "Hunan" පළාතේ, "Changsha" නම් නගරයේ කම්කරුවන් පිරිසක් කැණීම් කටයුතු වල නිරත වී සිටියහ. ඔවුන්ට කැණීම් කටයුතු කර ගෙන යා හැකිවූයේ මීටර් කිහිපයක් පමණි. පසට යටව තිබූ ගොඩනැගිල්ලක ඉහළ කොටස පාදා ගැනීමට ඔවුන් සමත් වූ අතර, එය සියවසේ දැවැන්තම සොයා ගැනීමක් වනු ඇතැයි යන්න ඔවුන් එම අවස්ථාවේ නොසිතන්නට ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දශක හතරක දේශපාලන ගමන්මගේ සුවිශේෂ අවස්ථා විවරණය කෙරෙන "හෙට දකින රනිල්" ප්‍රදර්ශනය අද (17) දින ප.ව. 3.30 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.
