subash

subash

දක්ෂිණ අධිවේග මාර්ගයේ කොට්ටාව පිටවීමේ ස්ථානයේ සේවය කළ තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබීම හේතුවෙන් අද (28) උදෑසන 6.00 සිට කොට්ටාව පිටවීමේ දොරටුව වසා තැබීමට කටයුතු යොදා ඇත.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ හෝ නැගෙනහිර කොළඹ රෝහලේ ඔක්සිජන් හිඟයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කර තිබෙනවා.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පෙර පාසල් සහ පිරිවෙන් අප්‍රේල් 30 වනදා දක්වා තාවකාලිකව වසා දැමීමට රජය තීරණය කර තිබේනවා.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මාධ්‍ය හමුවක් අමතමින් ඒ බව ප්‍රකාශ කර තිබේ.

-පංචාලි අබේසේකර

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් අද දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද බුර්කාව ඇතුළු, අනන්‍යතාව සැඟවෙන මුහුණු ආවරණ සියල්ල තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

 දිවයිනේ සියළු පාසල් අප්‍රේල් 30 වෙනි දින දක්වා වසා තැබීමට අද මීට සුළු වේලාවකට පෙර කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබෙනවා.

පාසල් වැසීම හෝ ආදාළ නිර්දේශ සම්බන්ධයෙන් නිවැරදි තීරණයකට එළඹිය හැක්කේ "පාසල් සෞඛ්‍ය කමිටුව"ට බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කර තිබෙනවා.

ගතවූ පැය 24 තුළ සෞඛ්‍ය නීති රීති කඩ කළ පුද්ගලයන් 108දෙනෙකු අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වෙනවා.

රාජගිරිය රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ මූලික විරෝධතා ලිඛිතව ජුනි මස 30 වනදා ඉදිරිපත් කිරීමට පියවරගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (27) ඔහුගේ නීතිඥවරුන්ට නියෝග කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙරට සංවර්ධනය වෙනුවෙන් දියත් කර ඇති ප්‍රමුඛ වැඩ සටහනක්වන්නෙ ගම සමඟ පිළිසඳර නමින් වන දුෂ්කර ගම්මාන නඟා සි‍ටුවීමේ වැඩ පිළිවෙලය. කාලන්තරයක් මුලුල්ලේ රාජ්‍යයේ අවධානයෙන් ගිලිහුණු දුෂ්කර ගම්මානකරා ගොස් එම ගම්වැසියන් නගා සි‍ටුවීම වෙනුවෙන් ජනාධිපතිවරයා පෞද්ගලිකව සම්බන්ධවීම මෙහි ඇති විශේෂත්වයවේ.

ශ්‍රී ලංකාව සහ චීනය අතර තිබෙන ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් චීනයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක ඇමැති ජෙනරාල් වෙයි ෆෙන්ග්හි (Wei Fenghe) මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (27) ශ්‍රී ලංකාවට පැමිණෙයි.

Connet With Us